IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාලඹේ සිසුවාට පහරදුන් එස්.අයිගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාලඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ නිපුන ධනුෂ්ක රාමනායක සිසුවා පැහැරගෙන ගොස් නිරුවත් කර පහරදීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ පයාගල පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරික්ෂකවරයාගේ රාජකාරී වැඩ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් තහනමට ලක්කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම නිලධාරියා 2009 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරී සිදු කරමින් සිටියදී එම වසරේ අගෝස්තු මස 8 වෙනිදිනත් 21 වෙනි දිනත් ආසන්න කාලයකදී නිපුණ දනුෂ්ක රාමනායක සිසුවා සිර කර තැබීමේ අදහසින් පැහැරගෙන යාම හෝ ඒ සඳහා අනුබල දීමට එකඟවීමෙන් කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් එම නිලධාරිය ඇතුළු නිලධාරින් පස්දෙනකුට සහ සිවිල් පුද්ගලයන් දෙදෙනකුට චෝදනා එල්ල වී තිබිණි.

එම නඩු තීන්දුවට ප්‍රකාරව චූදිත උප පොලිස් පරීක්ෂකවරයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ පරිච්ඡේදය යටතේ කියැවෙන ව්‍යවස්ථාවට අවනත නොවීම, රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම යන වැරදි සිදු කර ඇතැයිද තවද අපකීර්ති දායක හැසිරීම ,මහජනයාගෙන් කෙනෙකුට අවනීත අන්දමින් හෝ පීඩාකාරී අන්දමින් හැසිරීම හා අපරාධයකට හෝ වරදකට වරදකරුවීම යන වැරැදි සිදුකර ඇති බව නිරීක්ෂණය වේ.

 



අදහස් (3)

මාලඹේ සිසුවාට පහරදුන් එස්.අයිගේ වැඩ තහනම්

Frencis Saturday, 17 August 2024 01:33 PM

ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කිරීම නිවැරදියි. ඒත් 2009 සිදුවීමක් වෙනුවෙන් අවුරුදු 15ක් ගතවෙනතුරු විනයානුකූලව කටයුතු කරන්න ප්‍රමාද කිරීම ගැන ආයතන සංග්‍රහයේ එම පරිච්ඡේදයේම පවතින විධිවිධාන පරිදිම දෙපාර්තමේන්තුවේ විනය බලධාරීන්ටද විරුද්ධව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා.

:       0       35

Raman Saturday, 17 August 2024 01:43 PM

නම කවුද? කළුතර ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා පරිස්සම් වෙන්න.

:       1       19

Lalla Saturday, 17 August 2024 06:12 PM

මේ ඔක්කෝටම වගකියන්න ඕනෑ කියලා ඉස්සර සාක්කිවලින් කියැවුණු වාස් ගුණවර්ධනගේ කුප්‍රකට බිරිය නිදහස් වුණා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site