
(අමිල චින්තක ගමගේ)
සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන ප්‍රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය හෙට (17) සෙනසුරාදා යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ජාතික මට්ටමේ දේශපාලන සන්ධානයක් යාපනයෙන් ජනාධිපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද ගම්මන්පිල මහතා කීය.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රකාශනයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කරන එකම ජනාධිපති අපේක්ෂකවරයා දිලිත් ජයවීර බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයා නටවන්ඩ ආවට වැඩක් වෙන එකක් නැහැ... අඩුම ගානේ නයි නාළිකාවේ අයවත් ඡන්දේ දෙයිද ෂුවර් නැහැ...
ජයවේවා දිලිත් ව්යවසායකයාණනි!!!! ගම්මන්පිල විමල් ඔබට උරදෙන මහා කුළුණු දෙකකි. නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරියද තව ශක්තියකි. සුභ පැතුම්.