
(ආරියරත්න රණබාහු සහ නිමල කොඩිතුවක්කු)
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් තමා පිළිබඳව කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යයක් නොමැති බවද එහි සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලුව මේ වන විට අධිකරණයේ පවතින බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නැති බවද එහි සඳහන් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිලධාරියෙකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගු බවක් නොමැති බවද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාව ලං කරගන්නවාට වඩා හොඳයි ලාදුරු රෝගියෙක් ලං කරගන්නවා. ඔයා හිටං නන්නත්තාර වසංගතයක්...!
ඒ වුණාට බලු වැඩේ. ඔයාව ජනාධිපති කරන්න රනිල් කොච්චර උදව් කළාද..නේ...?
මගේ කුඹුරට පඹයෙක් නැහැ දැන්...
දෙන් නෑ නොවේ දුන්නත් ගන්න කෙනෙක් නෑ. කවුද කැමති සියදිවි නසාගන්න.
මේ රට පතුලක් නොපෙනෙන අගාධයකට ඇද දැමීමට මුල් වූ යහපාලනය නම් අටමගලේ ප්‍රධානියා වූයේ ඔබ. එහෙව් පුද්ගලයකු එකතු කර ගන්න මොන දේශපාලකයා ද කැමැති? 2019 ඡන්දයේ දී පොහොට්ටුව කරගත් ලොකුම ගොන්කමත් ඔබව ඊට එක් කර ගැනීම. දේශපාලන වශයෙන් රටට සාපයක්.
ආප්ප කාලා අනික් පැත්තට පැනලා අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පූජා කරපු, තමුන් ගැන කොහොම විශ්වාස කරන්නද?
හිටන්තුමනි, ඔයාව කවුරුත් ගණන් ගන්නේ විස බෝම්බයක් විදිහට...
ඔබතුමා හරිම අකෘතඥ කෙනෙක්, අනේ බොහෝම ස්තූතියි දැන් විවේක සුවයෙන් ඉන්න.
කාටවත් සහාය නොදෙනවා නොවෙයි. කවුරුත් ඔබේ සහාය ලබාගන්න කැමැති නැහැ. එය ඔවුන්ට අවැසියි.
එකවරක් බොරු කාරයා වුණා... දැන් හැමතිස්සේම බොරු කාරයෙක් ...
ලොකු දෙයක් අප්පා කියලාවත් කරගන්න බැරි දෙයක්
අපි සහය ඉල්ලුවේ නැ
ඔයා තමයි රටට ඔප්පු කරලා පෙන්නුවේ ජනාධිපතිකම වැදගැම්මකට නැති තනතුරක් කියල. එකේ අගය බින්දුවටම දැම්මා. ඒක බලු කලා. දැන් සතෙක්වත් ගණන් ගන්නේ නැති තැනට වැටිලා
දෙන්නෑ නෙවෙයි, මාව කවුරුත් ගන්නෑ කියන්න...
මේ අයව කවුද පිළිගන්නේ? තුච්ච පාවා දීම් කරපු අයව පස්සට පයින් ගහලා එලවන්න ඔය හැම පක්ෂයක්ම බලාගෙන ඉන්නේ...
IPL වෙන්දේසිය වගේ.... ලොසාලව කව්ද ගන්නේ... හෙට අනිද්දාට කරපු ගොන් වැඩ වලට හිරේ ගියාම හරි...
අපිත් නෑ...
සිරෝ, ඔයාව ගන්න කලින් හිතන්න ඕන දෙයක් තමයි "වහ බොනවද, කබර තෙල් බොනවාද කියලා"
පස්සේ හිමීට ආප්පයක් කාලා ප්ලේන්ටියක් බීලා වාසි පැත්තට මාරු වුණාම හරි. රටේ දේශපාලන අස්ථාවර භාවය පටන් ගත්තේ එදා ඒ නින්දිත පැනීමත් සමඟ කියලයි මට මතක...!
ඔබ දේශපාලනයේ අවලංගු කාසියක්... කරුණාකර විශ්‍රාම අරගෙන කුඹුරක් කොටාගෙන ඉන්න.
ඔක්කොමලා එපා කිව්වාම කාටවත් සහාය දෙන්නේ නැහැ කියන්නේ ලැජ්ජාව වහගන්න වෙන්න ඇති නේද හිටං? දැන් ඉතින් තවත් අහලා බැලුවේ නැති අපේක්ෂකයින් තිහකට වැඩි පිරිසක් ඉන්නව නේද ක්ලීන් සූට් අවශ්‍ය නම් ASP ඉන්නවා... ආගමික පැත්තේ යනවා නම් අක්මීමනට හා බත්තරමුල්ලට යන්න පුළුවන් තවත් ඔහේ වෙගේම කෙනෙකුත් ඉන්නවා දැක්කා. දැනට කවුරුත් ජනාධිපති අපේක්ෂකයින් නිසා ඔක්කෝමලා සමාන අයනේ...