
(ශාන්ත චන්ද්‍රසිරි)
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මතුගම, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කොට ඇත.
අද (16) දින රාත්‍රි 7.30 සිට හෙට (17) රාත්‍රී 7.30 දක්වා කාලය සඳහා මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කොට ඇති බවත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd