
(එම්.සුසිල් පියන්ත)
රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් අද (16) විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ කොම්ෂන් සේවා සභාව විසින් නතර කර දැමීමට පියවර ගනු ලැබීය.
හික්කඩුව සංචාරක පුරවරයේ දේශීය හා විදේශීය සංචාරකයන් නගරය තුළ ගමන් කිරීමේදී දුර ගමන් සේවා බස් රථ සහ බර වාහන ගමන් කිරීම හේතු කොට ගෙන සංචාරකයන්ට වන අපහසුතාවය මග හැරවීම සඳහා හික්කඩුවේ සිට ගෝන පිනුවල හරහා කුමාර කන්ද දක්වා ගමන් කිරීමට යෝජනා කළ නව විකල්ප මාර්ගය අද( 16) විවෘත කිරීමට නියමිතව තිබිණ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සේවා සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල සහකාර මැතිවරණ කොමසාරීස් ඇතුලු නිලධාරීන් පැමිණ මේ උත්සවය නතට කරන ලෙසට මේ උත්සවය සවිංවිධායකයන්ට උපදෙස්දී තිබේ. මේ උත්සවය හික්කඩුව සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබිණ.
ජනාධිපති අපේක්ෂක රනිල් විකමසිංහ මහතා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනෙන් සිදු කරන බවට කළ පැමිණිල්ලක් හේතු කොට ගෙන මෙම හික්කඩුවේ විකල්ප මාර්ගය විවෘත කිරීමේ වැඩසටහන නැවැත්වීමට හේතුවවූ බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ පකාශකයකු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් නීතියට ගරු කරන කෙනෙක් නෙවෙයි...
ඕවා මහජන මුදල් වලින්නේ හදලා තියෙන්නේ... ඔය 225 සල්ලි වලින් නෙවේනේ. ඒ නිසා වැඩ ඉවර වුණාට පස්සේ ජනතාවට භාවිතා කරන්න දුන්නා නම් හරි... මොන විවෘත කිරීම්ද? තව මුදල් කාබාසිනියා කරන වැඩ.