
(කාංචන කුමාර ආරියදාස)
දේශීය ඉඟුරු අස්වැන්න නෙලන අවස්ථාවේදී චීනයෙන් ඉඟුරු ගෙන්වීමට ලබාදුන් අවසරයට විරෝධය පා ඉඟුරු ගොවීහු අද දඹුල් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ.
ඉඟුරු අතුවලින් සැරසුණු ගොවීහු පිරිසක් මෙම විරෝධයකට එක් ව සිටියහ.
පසුගිය කාලයේ ඉඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණු වකවානුවක දේශීය ඉඟුරු ගොවීන් විශාල පිරිවැයක් දරමින් වගා කළ ඉඟුරු අස්වැන්න නෙලීම ආරම්භ වෙද්දී චීනයෙන් ඉඟුරු ගෙන්වීමට ලබා දුන් අනුමැතිය වහාම හකුලා ගන්නා ලෙස බල කරමින් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.
මේ දිනවලින් ඉඟුරු කිලෝවක තොග මිල රුපියල් හත්සියේ සිට 1800 දක්වා මිලක් පවතින බවත් පසුගිය මාසයේ ඉඟුරු කිලෝවක් රුපියල් දෙදහසක් දෙදහස් පන්සීයත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව ගොවීන් කියති.
ඉඟුරු ලංකාවට ගෙන්වීම සඳහා තහනම් කර තිබුණු අවස්ථාවක අර්තාපල් අල ලොකු ලූනු සහ විවිධ භාණ්ඩ වර්ග ආනයනය කරන කන්ටේනර් රථවල ඉතා සූක්ෂම ලෙස සඟවා මෙවන විටත් විදේශීය රටවල ඉඟුරු කිලෝ ලක්ෂ ගණනාවක් වෙළඳපලට ගෙන්වා තිබෙන බව ගොවීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන! රු. 700-1500 දක්වා කිලෝවක මිලක්ද? තාමත් කිලෝව 3000- 3500ත් අතර. ග්‍රෑම් 100යේ ඉඟුරු කෑල්ලක් රු.350ක් වෙනවා! ඒත් කමක් නෑ ගෙදර මල් පෝච්චියේ හරි වවමු. පිටරටින් ගෙන්වීම මහ අපරාධයක්!
චීනය අපනයනය කරන හැම ආහාරයක්ම "හයි බ්රිඩ්". ලංකාවේ තියෙන්නේ බහුතරයක් කාබනික ආහාර. පිළිකා ඇතුළු නොයෙක් රෝග හදාගන්න අවශ්‍ය නම්, කන්න. ගෙනාවට පස්සේ බලාගන්න පුළුවන් ඒවා හරියට "බැදපු පපඩම්" වගෙයි. අන්තර්ජාලයේ සෝදිසි කර බලන්න.