
( නිමල් ජයරත්න )
පොළොන්නරුව වැලිකන්ද කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙකු එම පුහුණු මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස පලා ගොස් ඇත්තේ පොළොන්නරුව කළුකැලේ බඳනාගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසිහයක් වයසැති තරුණයෙකු බවද පරීක්‍ෂණ සිදු කරන පොලිසිය සඳහන් කරයි.
කන්ඩකාඩු පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථාන තුළ රැඳවියන් 94 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිට ඇති අතර මේ වනවිට රැඳවියන් අනූතුන්දෙනෙකු එහි සිටින බවද පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරියකු කීවේය.
පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව මගින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද වැලිකන්ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd