
(මහින්ද නිශ්ශංක)
ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම සහ ප්‍රවාහන අමාත්‍යංශය එක්ව ආරම්භ කරන ලද සුඛෝපභෝගී බස් සේවාව වහා අත්හිටුවන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංගමය අද (16) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරමින් ඉල්ලීමක් කළේය.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක මෙම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කිරීම මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් මෙන්ම නීති විරෝධී යයිද එම සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවසරයකින් තොරව මෙම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළහ.
මේ අතර නව සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කිරීමට විරෝධය දක්වා ඊයේ ආරම්භ කළ මාර්ග අංක 187 ගුවන් තොටුපොල - කොටුව සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු වැඩි දුරටත් පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මේ වර්ජනයෙන් වෙන්නේ අලුත් බස් කොම්පැනියට වාසියක් නේ?
ගුවන් තොටුපළ ශටල් බස් සේවාව මේ රටට ඉතාමත් වැදගත් අත්‍යවශ්‍ය සේවාවක්. ලෝකයේ අනෙකුත් රටවල් වල මෙම ශටල් සේවය පවතින්නේ දශක ගනනාවකට පෙර සිටයි ප්‍රමාද වී හෝ එය ආරම්භ කිරීම විදේශයන්හි සේවය කර මෙරටට මුදල් උපයා දෙන පිරිසට ඉතාම සුබදායක වනු ඇති. එමෙන්ම පැමිණීමේ හා පිටත් විමේ පර්යන්ත වල වාහන තදබදය අඩු වීම නිසා ගුවන් තොටුපළ ආරක්ෂාවටද එය හිතකර වේ.. ගුවන් තොටුපළ ශටල් බස් සේවාව කිසිසේත් ම නතර කිරීමට ඉඩ නොදිය යුතුය. මෙම වසරේ පසු ගිය මාස හතට ඇමරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් මෙරටට උපයා දී මේරට ණය බරින් මුදවා ගැනීමට ඉදිරිපත්වූ විදේශයන්හි සේවය කරන පිරිසට මෙයින් සිදු වන සේවය සියලු බලධාරීන් ගේ සැලකිල්ලට ලක් විය යුතුය.
ගුවන්තොටුපලට සැප බස් දාන්නේ සංචාරකයින් වෙනුවෙන්. ඒකෙන් රටේ නමටයි හොඳ. ඒකටත් ඉරිසියා කරන කඩාකප්පල් කාරයෝ තමයි අද සුද්ද වන්තයෝ වගේ රටවල් ගොඩ නගන්න කතා කරන්නේ...!
විදෙස්ගතව රැකියා කර පැමිණෙන හෝ විදෙස් සංචාරකයින් ගසා කන ප්‍රවාහන කපුටන් මෙවැනි යහපත් සේවයකට විරුද්ධයි. මේ බස් රථ සේවය හොඳ වැඩක් එය කඩාකප්පල් කරන්න දෙන්න එපා. මැතිවරණයට කිසිසේත් අදාල දෙයක් නොවේ.
රනිල් කරත්, සජිත් කළත්, අනුර කළත් මිනිසුන්ට හොඳ සේවයක් වෙනවා නම් එක නවතන්න හදන්න එපා. තොපි අහින්සක මිනිසුන් හුරා කන ජතියක්. විනයක් නෑ. මිනිසුන්ට කත කරන දන්නේ නෑ. රෑ තිස්සෙ බිලා මුනවත් හොදන්නේ නැතිව බස් වල වැඩ කරන්නේ... අප්පිර්යයි. හෙට අනිද්දා වෙනකොට කක්කුස්සි යන්නත් මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ගන්න වෙන සීන් එකක් තියෙන්නේ....!
තව අවුරුදු 100 කටවත් රට හදන්න බැහැ...
මේ වගේ වැඩවලට අකුල් හෙලන අවජාතකයෝ හිතන් ඉන්නවද දන්නේ නෑ සංචාරකයා එන්නේ චන්ද දාන්න කියලා. කිසිසේත්ම මේ සේවය නවත්වන්න එපා. මේක ඡන්දයට කිසිම බලපෑමක් නෑ කියලා කොමිසමට තේරෙන්නේ නැති වෙන්න කොමිසමේ ඉන්නේ පල් මෝඩයෝ නෙවෙයි.
බස් එකේ යන්නේ සල්ලි දීලා, දේශපාලකයෝ නොමිලේ ජනතාව ප්‍රවාහනය කරන්නේ නැහැ. මේකට මැතිවරණ කොමිසම ඇඟිලි ගහන්න එපා... මේකේ යන මගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් විදේශිකයෝ සහ පිටරට සේවය කරන සහ පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ, එමනිසා ඔවුන්ට මෙහෙ ඡන්ද නැහැ.
ගෝටභය පැනලා ගිය අවස්ථාවේ පොහොටුවට පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් තිබුන , ඔවුන්ට පුළුවන් කම තිබුන රටේ ආර්ථිකය යහමගට ගන්න අවශ්‍ය ඕනෙම පනතක් ගෙන එන්න , එහෙම තිබුන වාතාවරණයක් ඔවුන්ට ජනපති වශයෙන් රනිල් පත්කරගන්න හෝ සජිත් , අනුර සමග සන්ධාන ගත වෙන්න හෝ කිසිම නීතිමය අවශ්‍යතාවයක් තිබුනේ නැහැ , අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන්කම තිබුන ඔවුන්ගෙන් කෙනෙක් ජනපති කරගෙන ඉදිරියට ආණ්ඩුව කරගෙන යන්න , නමුත් ඔවුන්ගේ නොහැකියාව නිසා ඔවුන් රනිල් පත්කරගෙන විපක්ෂෙට ආණ්ඩුවට එන්න කිවා.
ගුවන් තොටුපල ශටල් සේවයක් අත්‍යවශ්‍ය වෙනවා නමුත් මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ එකම පුද්ගලයෙකුට හෝ සමාගමකට මෙම බස් සේවාව කරගෙන යන්න ඉඩ දීමත් ඉතා කෙටි දුරක් රුපියල් 3000 වැනි අධික මුදලක් අය කිරීමත් නිසා ඔහු අධික ලාභයක් ලැබීමත් , උදාහරණයක් වශයෙන් සුකොපභෝගී බස් රථයක කොටුවේ සිට මාතරට ගියත් රුපියල් 2000 වත් ගන්නේ නැහැ , එමනිසා මේක අසාධාරණය , මම හිතන විදිහට මගියා සහ ඔහුගේ කිලෝ 40 පමණ වන ගමන් මලු සදහා රුපියල් 800-1000 වැනි මුදලක් අය කලානම් සාධාරණය , මෙම සේවාව සදහා එකම පුද්ගලයෙකුට දීමත් අසාධාරණය , සාමාන්‍ය සේවා සපයන 187 බස් සේවාවටත් ගුවන්තොටුපලේ යම් ස්ථානයක් අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බව මගේ අදහසය