
(ආරියරත්න රණබාහු )
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහ නායක වර්කාගොඩ ශ්‍රී ඥානරතන යන මහානායක හිමිවරු හමුවූහ.
මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ ආශීර්වාද ලබා ගත්තේය.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්ත මහතාද එක්ව සිටියේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...!, අපේ රටට යහපතක් කිරීමට සියලු ශක්තිය දහිරිය ලැබේවා. ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා...!
මේ දවස්වල දේශපාලඥයෝ පෝලිමේ මහා නායක හාමුදුරුවරු බැහැ දකින්න යනවා. හරියට අර අවුරුදු දවස් වලට නෑදෑයෝ නෑ ගම් යනවා වගේ...
ඔබතුමා විසින් අනෙක් අපේක්ෂකයන් සම්බන්ධයෙන් නාම යෝජනා දිනයේදී පෙන්නුම් කරන ලද සුහදතාව ඉතා හොද සුබ ලකුණකි. එය ඔබගේ ගෝල බාල රෑනට ද කියා දිය හැකි නම් අගනේ ය. ඔබට අපගේ සුබ පැතුම්!
ඔව්. කයියනායකලත් මහනායකලා හම්බවෙන එක හොඳයි කොහොමත්. ඒත් ඔය කරුණු නොදැන අලුත් ඡන්ද තියෙන තරුණ පිරිසයි, ඒ කාලේ ජ.වී.පෙ. කැරැල්ල පිහිටෙන් පිටරටවල් වලට පැනගත්තු කණ්ඩායමයි ඇරුණාම සාමාන්‍ය ජනතාව නම් ඔහෙලාට ඡන්දෙ දෙන්න තීරණය කරලා නැහැ. ඔය කයියනායකලා වෙනුවෙන් වැඩියෙන්ම සමාජ මාධ්‍ය තුළ කෑගහන්නේත්, දැනටමත් ආණ්ඩු පිහිටුවලා ඉවරයි වගේ... ජනතාව තුළ බොරු සමාජ ගත කරන්නේත්.., එදා ගෝඨාභය වෙනුවෙන් කඩේ ගිය , චිත්‍ර ඇන්ද අයම මිසක්, වෙන කවුරුත් නෙමේ. ජ.වී.පෙ ට මේ ආත්මෙට මේ රටේ ආණ්ඩු පිහිටුවන්නත්, පිහිටෙව්වත් කරගෙන යන්නත් ඉන්දියාව වගේ රටවල් කීයටවත් ඉඩ නොදෙන බව ඔය හැමෝම දැනගත්තොත් හොඳයි.
කවුරු ගියත් එකම තැටිය වාදනය කරන්නේ... කොහොම වුණත් අනුර එනවාට නම් කැමැති නැති වෙයි.
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක...!
අනුර කුමර දිසානායක සහෝදරයා මනාප වැඩි ඡන්ද ලක්ෂ 20 දිනනවා... ඒකාන්තයි ජයවේවා...!
දේශපාලනය සහ ආගම ගව් 7 ක් දුරින් තිබිය යුතු දෙකක්...
දැන් පන්සලුත් යනවාද? මෙයාලාට ආගමක් දහමක් නෑනේ..
ඔව් ඉතින් බුද්ධාගම විනාශ කරන්න පාර කපන ගමන් බොරුවට මුණගැහිලා වැඩක් නෑ. මාලිගාවට බෝම්බ ගහපු අයගෙන් මොන බුද්ධාගම රැකීම්ද?, නායක හාමුදුරුවරු මරලා දැම්ම පක්ෂයකින් මොන ආගම රැකීමද?, ජාතික ලැයිස්තුවට පල්ලිවලට බෝම්බ ගහපු අය දාන අයගෙන් මොන ආගමික සහායද? බස් කෝච්චි ගිනි තියපු අයගෙන් මොන ප්‍රවාහන සේවය දියුණුවද?, රජයේ දේපල ගිනි තියපු අයගෙන් මොන රට රැකීමද?.
ජවිපෙ පාසල් යනවා දැක්මයි.. දැං ඕකට කියන්නේ පංසල් දෙශපාලනේ නෙමෙයිද..?
බෝ ගස් කපන්න ඕනා කියපු අය. බුද්ධ දර්ශනයට පලමු තැන දෙන්න ඕනේ නැත කියපු අය ,මොකද මේ නායක හාමුදුරුවන් හමුවන්න?