
(ජේ ඒ එල් ජයසිංහ)
සමගි ජන බල වේගයේ නායක ,විපක්ෂ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත් ඉටුකොට දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගෙන සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කටයුතු ආරම්භ කළේය.
මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු පාර්ශවයේ අනූනායක මහාචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ මෙසේ පැවසූහ.
රට ඉතා දූෂ්කර ආර්ථික අපහසුතාවයකට පත්ව ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙන අවදියක මැතිවරණයක් ආරම්භ වී තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වු දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා සම්බුදු සසුනටත්, මේ මහනුවර ශ්‍රී දළදා මැදුරටත් කළ මෙහෙවර අමතක කළ නොහැකියි.
එතුමා මේ රටේ අසරණ ජනතාවට නිවාස තනා දී ගම්නියම්ගම් සංවර්ධනය කරමින් සිදුකළ මෙහෙවර කෘතගුණ පූර්වකව සිහිපත් කල යුතුයි.
මෙහිදී අනුශාසනාවක් කල අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක වේඬරුවේ උපාලි හිමිපාණන් වහන්සේ මෙසේ පැවසූහ.
අදට අපේ රටට අවශ්‍ය වන්නේ රටේ උදාර සංස්කෘතික සෝදාපාලුව අවසන් කළ හැකි දේශපාළන නායකයෙක්.
රටට අවශ්‍ය වන්නේ සංස්කෘතික නායකයෙක් ඉතිහාසයේ සඳහන් වනවා මහා සංඝරත්නයේ පිරිත් දේශණාවේ ආශීර්වාදය ලබාගෙන රටක නායකත්වයට පත්වන පුද්ගලයා මහා සංඝරත්නයේ අනුශාසනාව ලබාගෙන කටයුතු කල යුතු බවට.
එදා රජවරුන් පවා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ගරු කටයුතු ලෙස ලබා ගත්තා. දුටුගැමුණු මහ රජතුමා පවා මහා සංඝරත්නය බැහැදැක අවවාද අනුංශාසනා ලබා ගත්තා.අපේ ඉතිහාසයේ පවා රජවරු රට රාජ්‍ය පාලනය කිරීමට පෙර මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට සවන් දී දැහැමින් රාජ්‍ය පාලනයය කලා.එදා එහෙමයි අපේ රජවරු රටේ රාජ්‍ය පාලනය කරගෙන ගියේ.
හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා එදා ගම් උදා බිහිකරමින් නිවාස නැති ජනතාවට නිවාස තනා දී අපේ ජාතික සංස්කෘතිය පිළිබඳව ජනතාවට දැණුම අවබෝධය ලබා දීමට කටයුතු කලා.
රටකට අවැසි වන්නේ රටේ සංස්කෘතිය ආගම සුරක්ෂිත කරන ජාතික නායකයෙක්. මේ රටේ බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදී රටේ සියලු ආගමිකයන්ට ජාතිකයන්ට එකසේ සළකමින් සැමට සහජීවනයෙන් ජීවත් වන්නට හැකි ලෙස රටක් පාලනය කිරීම යහපත් දැහැමි පාලකයෙකුගේ වගකීමයි.
මෙි රටට යහපතක් උදාකර දීම සෑම නායකයෙකුගේ යුතුකම හා වගකීමයි.මේ රට හරියට හදාගෙන මේ රටේ පුරවැසියන්ට මේ රටේ සතුටින් සාමදානයෙන් ජීවත් වීමට හැකි වාතාවරණය සලසා දීම රටක රාජ්‍යත්වය අපේක්ෂා කරන නායකයාගේ වගකීම විය යුතුයි.මේ රටට සංස්ංකෘතික මිනිස්සු බිහිකල යුතුයි. මේ රටට සෞභාග්‍ය ඇතිකර දීමට ඔබට ධෛර්යය ඇතිවේවා.යි ආශීර්වාද කරනවා.
මල්වතු පාර්ශවයේ අනූනායක හිමිපාණන් වහන්සේලා වන මහාචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි, දිඹුල්කුඹුරේ විමලධම්ම,අස්ගිරි පාර්ශවයේ අනූනායක වේඬරුවේ උපාලි ,අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය මෙම සෙත් පිරිත් දේංශණාවට සහභාගි වූහ.
මෙම අවස්ථාවට පක්ෂයේ සෙසු සාමාජිකයන් , වන ලක්ෂ්මන් කිරිඇල්ලට ,ගයන්ත කරුණාතිලක, රෝහිණී , කවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දලදා සමිදු පිහිටයි. ජය නියතයි
නෝනා ළඟ තියාගෙන ඉන්නකොට ප්‍රේමදාස ක්‍රමය මතක් වෙනවා. ඒක ප්‍රියජනකද අප්පිරියද කියලා තීරණය ජනතාව සතුයි...
මේ උද්දච්චයින්ව රටේ පාලකය කරගන්න තරම් මිනිස්සු මෝඩ නැහැ...!
නියත ජනපති සජිත්, රටට ජය වේවා..!, සජිත්ට ජය වේවා...!
අපේ නුවර ජනතාවගේ අවංක ආශිර්වාදයත් කැමැත්තත් ඔබතුමාට ලැබී ජය නියතයි.... දුප්පත් අපි වෙනුවෙන් ඔබතුමාට ලොකු වගකීමක් තියනවා
ඔබතුමාගේ ආගමනය මෙරට දුප්පත් ජනතාවගේ ලොකුම බලාපොරොත්තුවයි ඔබතුමා රටට දැයට ජනතාවට අසිමිත ආදරයක් කරන නායකයෙක්
ජෙප්පෝ වගේ නෙමෙයි මොනවා වුණත් මෙයාට ආගම, දහම ගැන හැඟීමක්, විශ්වාසයක් තියෙනවා. ආර්. ප්‍රේමදාස මහත්තයා වගේ...