(ගයාන් සූරියආරච්චි)
හික්කඩුව හෝටලයක් අසලදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් දෙදෙනකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරයේ නිරතවන අම්බලන්ගොඩ ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 35 සහ 32 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
ගාල්ල-කොළඹ මාර්ගයේ හෝටලයක් අසලදී ඉකුත් (14) දා යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබීමට යාමේදී එම පුද්ගලයා වෙඩික්කරුන් සමග පොර බදා වෙඩික්කරුවන්ගෙන් බේරී පලාගොස් තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd