එස්.එම්ලාට තඹුතේගමින් හූ වක් ජල ෆිල්ටර් බෙදා දීම පිළිබඳව සාකච්ඡාවක තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සහ හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් යන මහත්වරුන්ට ගම්වාසීහු අද දැඩි විරෝධයක් එල්ල කළහ. 02 January 2024
පොලොන්නරුවට කුඩු බෙදූ යුවළක් මාට්ටු පොලොන්නරුව නගරාසන්නයේ ලැගුම්හලක කලක් තිස්සේ නතර වී සිටි අඹු සැමි යුවළක් මත් කුඩු, මුදල් රන් ආභරණ සහ දුරකතන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 02 January 2024
විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයා රිමාන්ඩ් සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින්’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ නමින් හඳුන්වාගත් චීවරධාරියා ලබන 09 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය . 02 January 2024
රටට ඩොලර් ගේන පනත ලබන සතියේ මැතිසබයට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ආදායම් ලබාගැනීම සඳහා විධිවිධාන ඇතුළත් ජාතික ජල ශාස්ත්‍රීය පනත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය. 02 January 2024
තේ කම්හල් හිමිකරුවන් බද්දට ලියාපදිංචි වීම අනිවාර්යයි තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සියලු දෙනා සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි. 02 January 2024
ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය. 02 January 2024
එතෙර කෘෂි රැකියා කර එන අයට රජයෙන් අක්කර දෙකක් කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීමට ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් දීමට රජය තීරණය කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 02 January 2024
වෘත්තීය පුහුණුවට ජර්මනියෙන් යුරෝ මිලියන හතක් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සඳහා ජර්මානු පෙඩරල් ජනරජයේ තාක්ෂණික සහයෝගය ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
දිවුලපතානේ පවුල් 350ක් කොටුවෙති මාදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් දිඹුලාගල දිවුලපතාන ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර නිසා එම ගම්මානයේ පවුල් තුන්සිය පනහකට ආසන්න පිරිසක් කොටුවී සිටින බව මාදුරුඔය දකුණු ඉවුර ගොවින් සුරැකීමේ සංවිධානයේ සංවිධායක චන්දන කුමාර මහතා සඳහන් කරයි. 02 January 2024
ගල්ලෑල්ලේ පාර යටවී මගීන් අපහසුතාවයට දින හතකට ආසන්න කාලයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ගංවතුරෙන් යටව පැවතීමත් එම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව, රෝගීන් ඇතුළු රාජ නිලධාරීන් ප්‍ර වාහන පහසුකම්වලින් ඇති දුෂ්කරතා හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති. 02 January 2024
රුසියාව ලක් ක්‍රීඩා සමග එකට හිටගනී ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර ක්‍රීඩාවේ සහයෝගීතාවය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 January 2024
වරාය නගරයට ආසිරි රෝහලක් ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
කන්න හොඳ නැති අල සහ ලූනු දඹුල්ලෙන් සොයාගනී මිනිස් පරිභෝජනයට නුසුදුසු බව කියන ආනයනික බී ලූනු සහ අර්ථාපල් තොගයක් සිය බාරයට ගත් බව දඹුල්ල සෞඛ්‍ය අංශ පවසයි. 02 January 2024
විදෙස් බලවේග පැරදූ පොහොට්ටුවට ස්තුතියි අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 02 January 2024
ජපන් භූමි කම්පාවෙන් සිදුවුණු හානිය බරපතලයි නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වූ බවත්, බොහෝ දෙනකු තවමත් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මාධ්‍ය හමුවේ පැවැසුවේය. 02 January 2024
ලංකාව නවසීලන්තයට යයි නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
නාවික හමුදාව ඇමරිකාව සමග ගිවිසුමක න්‍යෂ්ටික සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැලැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය යෝජිත ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61ක් ගැන කැබිනට් තීරණයක් ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 January 2024
අධ්‍යාපනේට පණ දෙන්න දුන් කෝටි 521ක් වතුරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය 2020 වර්ෂයේ පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රුපියල් කෝටි 521 කට වැඩි මුදලක් වැය කර තිබුණද සැලසුම් කළ පරිදි එම ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 02 January 2024
කෝච්චියක් හැතැප්ම හතරක් ’’රිවර්ස්’’ කොළඹ කොටුවේ සිට මීරිගම බලා ධාවනයවූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය දක්වා සැතපුම් හතරක් පමණ පසුපසට ගමන් කරවීමට ඊයේ (1) සිදුවිය. 02 January 2024
යල කන්නයේ රසායනික පොහොරින් වැට් බදු ඉවතට ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 January 2024
කලිසම් වාටියේ සඟවා සැමියාට කුඩු ගෙන ගිය බිරිය මාට්ටු කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය සැමියාට කලිසමක වාටියේ සගවා හෙරෝයින් මත්කුඩු රැගෙන ගිය කාන්තාවක බන්ධනාගාර නිළධාරීන් භාරයට ගෙන භාරදීමේන් පසු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 02 January 2024
දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියුංග් පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් බරපතල තුවාල ලැබුවේය. 02 January 2024
මාළු වාඩියක ගින්නකින් දෙකක් මරුට පේදුරුතුඩුව මූනෙයි වෙරළ ප්‍රදේශයේ මාළු වාඩියක රිජෆෝම් හා ප්ලාස්ටික් ගබඩා කාමරයක ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු මිනිස්සුන් තුවාල ලබා මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලිසිය පවසයි. 02 January 2024
මහියංගණය පාලමක් කඩා වැටෙයි මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතා පැවසීය. 02 January 2024
වැලිගමදී වෙඩිවැදී මියගිය සැරයන්ට උසස් වීමක් වැලිගම වෙඩිතැබීමේ සිද්ධියේදී මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කරමින් සිටි උපුල් චමින්ද කුමාර පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 02 January 2024
තැනින් තැනට අදත් වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 January 2024
ත්‍රිරෝදය ප්‍රපාතයේ හතරක් රෝහලේ බලන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේදි අද (01) සවස ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරලිමෙන් සිදු වු අනතුරකින් එහි ගමන් කළ හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 01 January 2024
කොස්ලන්දේ නිවෙසකින් සිරුරු දෙකක් හමුවේ කොස්ලන්ද වෙලන්විට අක්කර සීය ප්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබූ වයෝවෘද්ධ අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද (1) පස්වරුවේ සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි . 01 January 2024
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026