කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක් විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම නිසා කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 03 January 2024
සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය. 03 January 2024
කෝටි 6 ක හෂීෂ් රේගුවේ හිරවෙයි ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් හෂීෂ් වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.091ක් ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 03 January 2024
ගිය වසරේ නාවික මෙහෙයුම්වලින් ජාවාරම්කරුවන් 343ක් අත්අඩංගුවට පසුගිය 2023 වසරේ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය. 03 January 2024
බදු ගැන මාන්නප්පෙරුමගෙන් යෝජනාවක් ජනතාවගෙන් අය කරන බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 03 January 2024
මුහුද රකින හවුලකට ලංකාවත් එක්වෙයි සමුද්‍රික රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන සඳහා සහයෝගීතාව පිණිස ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. 03 January 2024
ජෙරම්ට ඇප ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළේ යැයි කියන ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා දැඩි ඇප කොන්දේසි මට මුදාහැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය. 03 January 2024
ජෝන් කොතලාවල සරසවිය තුර්කිය සමග ගිවිසුමක ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ. 03 January 2024
මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා අවසන් ගමන් යයි පොරවකින් හිසට පහරදි සිය බිරිදගේ 63 හැවිරිදි වැඩිමහල් සොයුරා ඝාතනය කල පුද්ගලයා පොරවද රැගෙන පොලිසියට පැමිණ බාරවු බව හිදෝගම පොලිසිය කියයි. 03 January 2024
ලුණුගලට නව උ.පෙ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අයහපත් කාලගුණය හමුවේ මාර්ග පද්ධතියට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් ලුණුගල මහ විද්‍යාලයේ අද (03) දින උසස් පෙළ විභාග කටයුතු සඳහා නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය. 03 January 2024
උසස් පෙළ හෙට සිට දින 22ක් අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ව්භාග කාලසටහන අනුව මෙවර මෙම විභාගය දින 22 ක් පැවැත්වේ. 03 January 2024
තේ වගාවට අඩුවට පෝර දෙන්න ආණ්ඩුව තීරණය කරයි මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර රජයේ පොහොර සමාගම් දෙකක වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත. 03 January 2024
සහෝදරියට පිහියෙන් ඇන්න සහෝදරයා අත්අඩංගුවට බීලා එන්න එපා කීවැයි එළවළු කපන පිහියෙන් සිය සහෝදරියගේ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි . 03 January 2024
විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය. 03 January 2024
සංගීත ගුරුවරියගේ ඝාතකයා මාට්ටු කොළඹ හත විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය කියයි.. 03 January 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් නියෝජ්‍ය නායකයා මරුට ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කළේය. ඒ, ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි. 03 January 2024
මිය ගිය දර්ශනවාදීයාගේ දේශනවලට ගිය දෙදෙනක් විස ශරීරගතවී මරුට හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකයෙකු වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ගේ දේශන වලට සහභාගී වෙමින් ලගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු ද විස ශරිරිගතවීමකින් මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි 03 January 2024
උඩුදුම්බර පවුල් 600ක් සිරවෙලා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩ දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් විස්සක පමණ නාය යෑම්,හා ගිලාබැසීම් නිසා පවුල් 600ක් පමණ සිරවී ඇතැයි උදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. 03 January 2024
වැස්සේ සුළු අඩු වීමක් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය තාවකාලිකව අඩුවීමක් අද සහ ද ඉදිරි දින දෙක තුළ බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 January 2024
‘‘ප්‍රතිසංස්කරණ කියා පෞද්ගලීකරණයෙන් හොරා කනවා‘‘ ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව තරකර ගන්න ගේම් ගහනවා යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය. 03 January 2024
කුඩු නැතිව ඔයට පැනලා ? යුක්තිය මෙහෙයුමෙන් මත්කුඩු නොමැතිවීම හේතුවෙන් දියවන්නාවට පැන සියදිවි නසාගත් බවට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් කිඹුලාවල හන්දිය දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී හමුවූ බව මිරියාන මූලස්ථාන පොලිසිය කියයි. 02 January 2024
බදුල්ල - කොළඹ මාර්ගයේ පොඩි කොටසක් අරි ගල් පර්වත ගස් සහ පස් කඳු කඩා වැටී අද (02) සවස හල්දුම්මුල්ලෙන් අවහිර වී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය පැය හතරකට පසුව යන්තමට වාහනයක් ගමන් කළ හැකි වන පරිදි කුඩා ප්‍රමාණයේ ඉඩක් විවෘත කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය. 02 January 2024
කොරෝනා සෞඛ්‍ය උපදෙස් යළි පිළිපදින්න ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 02 January 2024
වැට් වදින -නොවදින ලැයිස්තුව නිකුත් කරයි වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. 02 January 2024
මැල්සිරිපුර ගොවි ඉඩමක් ක්‍රීඩා පිටියකට මැල්සිරිපුර ගොවිපළට අයත් අක්කර පහක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 January 2024
කොළඹ බදුල්ල මාර්ගය හල්දුම්මුල්ලෙන් සම්පූර්ණයෙන්ම අවහිරවෙයි කොළඹ බදුල්ල 99 මාර්ගයට හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (02)සවස 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 02 January 2024
සජබ ඔලු ගෙඩි සෙල්ලම් නැහැ සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 02 January 2024
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය 02 January 2024
වාර්ෂික ආදායම ලක්ෂ දොළහට වැඩි නම් බදු ගෙවිය යුතුයි වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 02 January 2024
රට සල්ලි හොයන්න සීයක් කොරියා යති දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ 2024 වසරේ පළමු කණ්ඩායම වන ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනකු දකුණු කොරියාව බලා අද පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 02 January 2024
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026