
(ජේ.ඉඳුරුවගේ)
2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්‍රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.
මේ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක්(1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම වියදමෙන් සියයට 60 ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක මුදලක් (1,120,9,79,151.60) අපේක්ෂකයාට තම ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි අතර සියයට 40 ක් හෙවත් රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් නමසිය තිස් හතරයි ශත හතලිහක මුදලක් අපේක්ෂකයා නාම යෝජනා කළ දේශපාලන පක්ෂයට හෝ ඡන්ද හිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.
මෙකී සියලු වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දින 21 ක් ඇතුළත අපේක්ෂකයා විසින් සහ ඔහු වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය හෝ ඡන්ද හිමියා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව පවතී.
එසේ නොකිරීම හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම 1981 අංක 15 දරණ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ පනතේ සඳහන් දන්ඩනයන්ට යටත් වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂකයෝ වෙනුවෙන් ජාවාරම්කාරයෝ මිසක් කවදද අපේක්ෂකයෝ ඡන්ද වෙනුවෙන් සල්ලි වියදම් කලේ?
මේක සජිතයි රනිලුයි වෙනුවෙන් හැදුව ඇස්තමේන්තුවක්, ඒ හැර වෙන කිසිම අපේක්ෂකයෙක් මේ තරම් හෝ මෙයට ආසන්න මුදලක් හො වියදම් කිරීමට නොහැකි වනු ඇත.
සීමාව දැකලා කලන්තේ වගේ...!
එක් අයෙක් වෙනුවෙන් රුපියල් 109/= වියදම් කරන්න පුළුවන් නම් මට රුපියල් 100/= ඕනෑ රුපියල් 9/= කොමිස් එකක් හැටියට අපේක්ෂකට දෙන්නම්... ඒත් ඉතින් රුපියල් සියයක් කියන්නේ පාන් ගෙඩියක් ගන්නවත් ප්‍රමාණවත් නැහැ... ඔය අතරේ සමහරක් අපේක්ෂකයෝ වෙන අය ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. එහෙම එවුන් නිසා ඔය සීමාවන් වෙනස් වෙනවා. ඒකට මොකද කරන්නේ? එක් ප්‍රධාන අපේක්ෂකයෙක් වෙනුවෙන් හතර දෙනෙක් ඉන්නවා නම් අනෙක් අයට බරපතල අසාධාරණයක් වෙනවා...
අනේ උඹලගේ ඔය හොර ගැසට් ගහ ගනිල්ලා පස්ස පැත්තේ....හරියටම නීතිය ක්‍රියාත්මක වෙන රටක් වගේනේ මෙවුන් අපිව තම්බන්න හදන්නේ...?
රනිල් හොරකම් කරපු සල්ලි ඉවර වේගෙන යනවා වගේ...? එහෙම නැතිනම් ඡන්දය පරදින නිසා ඡන්දයට එකතු වුණු ඡන්ද ටිකත් අරන් මාරු වෙන්න ක්‍රමයක් හොයනවා වගේ...?