වඩිවෙල් - මවුලානා ඇමති ධුරවල දිවුරුම් දෙයි සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 21 August 2024
අනුර - ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් ජනාධිපතිවරණ අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ ප්‍රධානීන් අද (21) පෙරවරුවේ හමුවිය. 21 August 2024
වන අලි දෙදෙනෙක් මරා දාලා ආණමඩුව වෙම්බුවැව හා වනාතවිල්ලුව පරණ එළුවන්කුලම යන ප්‍රදේශවල වන අලි දෙදෙනෙකු මරණයට පත්ව සිටියදී සොයා ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා අද (21) පැවසිය. 21 August 2024
‘සත්‍ය සෙවීමේ කොමිසම පනත’ වහා හකුළා ගනු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇති ”සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත” හෙවත් ”ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත” වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (21) විරෝධතාවක් පැවැත්වීය. 21 August 2024
බන්දුලාල් දිවුරුම් දෙයි මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා පත් කෙරුණු හිටපු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. 21 August 2024
පෙරහරින් පසු කසළ ටොන් 200ක් මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 20 කට අධික ප්‍රමාණයක් බැහැර කළ බවත් ජනතාව කෙතරම් දැනුවත් කලද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි . 21 August 2024
අවස්ථාව ගිලිහුනොත් රට ඇෆ්ගනිස්ථානයක් වෙනවා රනිල් වික්‍රමසිංහගෙන් පාලනය ගිලිහී ගියහොත් ලංකාව අනිවාර්යයෙන්ම යළි ගොඩ ගන්නට බැරි ඇෆ්ඝනිස්තානයක් බවට පත්වන බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 August 2024
ජයන්ත ද සිල්වා සමුගනී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇත 21 August 2024
විදුලි ඇමති මාලිමාව විවාදයට කැඳවයි බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට සූදානම් බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 21 August 2024
ගැබිනිය මිය ගියයැයි දොස්තර ඇතුළු 4ක් ගෙදර දරුවකු ප්‍රසූත කිරීම සඳහා මන්නාරම, රෝහල වෙත ඇතුළත් කළ මවක් හදිසියේ මියයාම පිළිබඳ සිද්ධියට අදාළව වෛද්‍යවරයෙකු, හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනකුගේ සේවය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 21 August 2024
ටිපරයේ ගැටුණු යතුරුපැදිකරු මරුට නිකවැරටිය නගරයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරින් යතුරුපැදිකරු මරණයට පත්ව , පසුපස අසුනේ සිටි පුත්‍රයා වන පාසැල් සිසුවා තුවාල ලබා ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි . 21 August 2024
ඡන්දෙට කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් ඉන්නවා ඡන්දෙට කෝටි 40 වියදම් කරලා මෙතනට එන මන්ත්‍රීවරුන් සිටින බව පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 August 2024
නීති විරෝධිව රැගෙන ආ පිඹුරන් සමඟ තිදෙනෙක් අල්ලයි ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත් , විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමඟ එම අලෙවි සැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙකු ද වත්තල පොලිසිය මගින් අද(21) අත් අඩංගුවට ගෙන තිබේ . 21 August 2024
බාල වයස්කාර දැරියන් රවටා අපයෝජනය කරලා මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8 වැනි වසරේ සිසුවියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි. 21 August 2024
වැස්සෙන් ප්‍රදේශ රැසකට බාධා මේ දිනවල පවතින අධික වැසි සමඟ බොහෝ පළාත්වල පහත් බිම් ජලයෙන් යටවී තිබෙනු දැකිය හැකිය. 21 August 2024
කොටි වළ දැමු රන් සෙව් අයෙක් අල්ලයි එල්.ටි.ටි.ඊ සංවිධානය යුද සමයේ වළ දමා ඇතැයි කියන රත්තරන් සහ මුදල් සෙව් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි. 21 August 2024
කප්පම් ගන්න ගිහින් පොලීසියට කොටුවෙයි ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජනයකර රුපියල් ලක්ෂ 40 ක කප්පමක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 21 August 2024
රිය අනතුරින් 9ක් රෝහලේ පුල්මුඩේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ වෑන් රථයක් ත්‍රිරෝද රථ දෙකකට ඉස්සර කිරීමට යාමේදී එම ත්‍රීරෝද රථ දෙකෙහි ගැටී වෑන් රථය වගුරු බිමකට පෙරළී යෑමෙන් 09 දෙනකු තුවාල ලැබූ බව නිලාවේලි පොලිසිය කියයි. 21 August 2024
කරුණා කොඩිතුවක්කු විපක්ෂයේ අසුන් ගනියි පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. 21 August 2024
කුකුලේ ගඟ වාන් දොරටු විවර කරයි බස්නාහිර පළාත කඑතර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (20) දින සිට නැවත වරක් සක්‍රීයව පවතින වර්ෂාපතනය සමග කුකුලේ ගඟ වාන් දොරටු විවර කර ඉන් තත්පරයට ඝන මීටර දෙසීයක පමණ ජල දාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පවසයි. 21 August 2024
තලතා පැත්ත මාරු කරයි ? සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය. 21 August 2024
පෙම්වතුන් බියකර අල්ලස් ගන්න ගියපොලීසියේ දෙන්නාගේ වැඩ තහනම් මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10000 අල්ලස් ලබා ගැනීමට තැත් කළ කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 21 August 2024
විදුලි සැරෙන් දෙදරු පියා මරුට සිය නිවසේ වතුර මෝටරයට සම්බන්ධ විදුලි රැහැනින් විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බද්දේගම පොලීසිය පවසයි. 21 August 2024
කෝටියක හෙරොයින් සමඟ අයි.පී-පීසී දැලේ රුපියල් කෝටියකට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ජාවාරම් කිරීම සඳහා සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණ සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු පිළියන්දල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක රථ ගාලකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 21 August 2024
‘‘ජනපති විධායක බලතල ඉවත් නොකළ යුතුයි‘‘ ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි. එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු යැයි බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි . 21 August 2024
බෑණාගේ ගල් පහරින් නැන්දම්මා මරුට : බිරිය- දියණිය රෝහලේ සිය නැන්දම්මා ඝාතනය කර බිරියට සහ දියණියට තුවාල සිදු කළ පුද්ගලයෙක් ගලපිටමඩ ලෙවන්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 21 August 2024
ගජමුතුවක් පැරණි කාසි සමග තුනක් සැකපිට ගිහියකු ලෙස පෙනී සිටිමින් තහනම් භාණ්ඩ කිහිපයක් ළග තබා ගත් බව කියන තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය තංගල්ල නගරයේදී අත් අඩංගුවට ගෙන තිබුණු බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 21 August 2024
බස්නාහිරට - සබරගමුවට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව,දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 August 2024
ගරාජයේ තිබූ බස් රථ හතරකට ගිනි තියලා අලුත්වැඩියා කටයුක්තක් සදහා වෙන්නප්පුව වැව පාරේ ගරාජයක නවතා තිබු බස් රථ හතරකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි. 21 August 2024
ශක්ති වාදපිටිය ගුටිබැට පිටියකින් අවසන් වේ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් ශක්ති රූපවාහිනියේ විවාදයකට සහභාගී වෙමින් සිටියදී ගුටි බැට හුවමාරුවක නිරතව ඇත. 21 August 2024
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026