
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව වෙම්බුවැව හා වනාතවිල්ලුව පරණ එළුවන්කුලම යන ප්‍රදේශවල වන අලි දෙදෙනෙකු මරණයට පත්ව සිටියදී සොයා ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා අද (21) පැවසිය.
මෙලෙස මරණයට පත්ව ඇති එක වන අලියකු වෙඩි තැබිමෙන් මරණයට පත්ව ඇති බවට වනජීවි නිළධාරීන් සැකකරන අතර මෙම අලියාගේ වයස අවුරුදු 30 කට ආසන්න බව කියයි.
ඒ සමගම ආණමඩුව වෙම්බුවැව ප්‍රදේශයෙ නිවසක් පිටුපස විදුලි සැර වද්දවා අවුරුදු 30 ක පමණ තවත් වන අලියකු මරා දමා ඇති බව වනජීවි නිළධාරීන් පවසයි.
ආණමඩුව වෙම්බුවැව විදුලි සැර වද්දවා අලියා මරා දැමු ස්ථානයේ මෙයට පෙරද මෙලෙසම විදුලි සැර වද්දවා අලියකු මරා දමා ඇති බව කියයි.
අදාල ඉඩම් හිමිකරු විදුලි සැර වද්දවා වන සතුන් දඩයම් කර මහා පරිමානයෙන් දඩ මස් අලේවි කිරීමේ නිරත ව සිටින අයකු බව කියයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් වනජීවි නිළධාරීන් හා ආණමඩුව පොලිසිය එක්ව පරික්ෂණ අරඹා ඇති අතර කලින් අලියකු විදුලි සැර වද්දවා මරා දැමිමට සම්බන්ධව මෙම ඉඩම හිමිකරුට ආණමඩුව අධිකරණයෙ නඩුවක් විභාග වෙමින් පවතින බවද කියයි.

2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි දෙදෙනෙක් මරා දාලා
Jayasekara Thursday, 22 August 2024 09:14 AM
දළදා පෙරහරේ සහ සත්ව හිංසනය ... හක්කපටස් වන අලි මරණ...