වයඹ ගුරුවරුන්ට ටියුෂන් තහනම් වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 04 January 2024
පොලිස් වෙසින් සොරකමේ ගිය නාවික භටයින් 4ක් මාට්ටු පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වැල්ලවත්ත ප්‍රදේශයේ දුරකථන මාධ්‍යයස්ථානයකින් මුදල් හා වටිනා ජංගම දුරකථනයක් සොරා ගන්නාලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනෙකු අද (04) වන දින අලුයම වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 04 January 2024
කොස්ගම විහාරස්ථානයක හිමි නමක් පැහැරගෙන? කොස්ගම හිගුරල දෙහිගහලන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පැහැර ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි 04 January 2024
ජනපති අද උතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) සිට ලබන ඉරිදා (7) තෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වෙයි. 04 January 2024
සහල් වෙළෙඳ බද්ද රුපියලට අඩු කරයි ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. 04 January 2024
වතු නිවාස තුනක් ගින්නට බිලි තලවකැලේ, ලිඳුල ලොකු රහන්වත්ත වතුයායේ වතු ලයිම් කාමර නිවාස පෙළෙක අද (04) අලුයම ඇති වු ගින්නකින් වතු ලයිම් නිවාස තුනක් හානියට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 04 January 2024
තැනින් තැනට පොඩි වැස්සක් නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 04 January 2024
කුඩ්ඩන්ගෙන් ලද තොරතුකින් උණ්ඩ හමුවේ යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ටී 56 උන්ඩ අටක් සහ ලේසර් පතුරම් 2 ක් සමග තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. 04 January 2024
පුරාවස්තු සොයා කැනීම් කළ හත් දෙනෙක් දැලේ හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. 04 January 2024
හොරෙන් ගෙනා දුරකතන සමග දෙකක් සැකපිට තීරු බදු සහිතව මෙරටට ගෙන්වන ලද දුරකථන තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මීගමු පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 04 January 2024
ගිනි අවිය සුද්ද කරන්න ගිහින් වෙඩි වැදිලා වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. 04 January 2024
විදුලි බලය -ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවා කරයි විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 January 2024
හරක් කටාට කඩේ ගිය පොලිසියේ 19 ක් ගැන සොයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 කු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 January 2024
වගා වන්දි ඉල්ලා කෘෂි රක්ෂණ මණ්ඩලය වටලයි වගා හානි වන්දි පොහොර සහනාධාරය ඉල්ලා වලව ගොවි සංගම් එකමුතුගේ ගෙවීන් පිරිසක් ඇඹිලිපිටිය කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල කාර්යාලය වැටලූහ. 03 January 2024
ඉරානයේ බෝම්බ දෙකක් පිපිරී 103 ක් මරුට ඉරානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 103 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 03 January 2024
‘‘ජනතාව අතිශය දුක්ඛිත තත්වයට පත් වෙලා‘‘ අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 03 January 2024
ගාල්ලේ රැඳවියෙක් මරුට ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (03) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි. 03 January 2024
එක්ස්ප්‍රස් පර්ල් නඩුවට වූ දේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලදැයි චෝදනා කරමින් නෞකාවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතයන්ට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ලබන 23 වැනිදා නඩුව යළි කැඳවීමට නියම කළේය. 03 January 2024
දිවියා පැන්නාම ඇළට වැටී දවස් 2ක්ම ගහක් උඩ දර කැඩීමට ගිය අවස්ථාවේ දිවියකු ඇඟට පැනීම හේතුවෙන් අසල වූ ඇළකට වැටී කිලෝ මීටර් නවයක් පමණ දුරට ගසාගෙන යද්දී මයිල ගසක එල්ලී දින දෙකක් රැඳී සිටි ගැමියකු බේරා ගැනීමට ප්‍රදේශවාසීහු පිරිසක් සමත් වූහ. 03 January 2024
ගංවතුර නිසා පොලොන්නරුවට විශේෂ විභාග මධ්‍යස්ථානයක් පොළොන්නරුවව දිස්ත්‍රික්කයට බලපා තිබෙන ආපදා තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර උසස් පෙළට පෙනී සිටින සියලු දරුවන් සඳහා මනම්පිටිය සිංහල මහා විද්‍යාලය විශේෂ විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්යා විභාගේ කොමසාරිස් එච්.එම්.ඒ. විපුලසිරි හේරත් මහතා සඳහන් කළේය. 03 January 2024
ලංකාව මානුෂිය ඛේදවාචකයකට පත්වෙලා වර්තමාන ආණ්ඩුවේ ක්රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (3) පැවසීය. 03 January 2024
අවිෂ්ක ප්‍රනාන්දු නැවත සංචිතයට කැඳවයි සිම්බාබ්වේ පිලට එරෙහිව මේ 6 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ලෝක කුසලාන තරගාවලියේදී ස්ථානය අහිමිවූ අවිෂ්ක ප්‍රනාන්දු ඇතුළත් කර තිබේ. 03 January 2024
සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එජාපයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 03 January 2024
ගුවන්තොටේ වෘත්තීය සමිති නායකයෝ 28ක් දොට්ට? කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අද දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ. 03 January 2024
රුසියාව-ලංකාව අතර ඍජු ගුවන් සේවයක් රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර සිව් වැනි ගුවන් සේවයත් එළඹි 2024 වසරේ ජනවාරි මස 01 දින සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ . 03 January 2024
ශ්‍රීලනිප කළුතර නායක එජාපයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 03 January 2024
ටෙස්ට් පිලේ නායකත්වයට ධනංජය ද සිල්වා පත්කරයි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 03 January 2024
සංවර්ධන සැලසුම් හදන වේගය ගැන ඇමති අසතුටින් නාගරික සංවර්ධන අධිකාරිය වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 03 January 2024
පයිතගරස් පරදන නිලධාරීන් වී අලෙවි මණ්ඩලයේ වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 03 January 2024
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026