හරක් කටාගේ දුරකතන දෙකක් - චින්තකගේ පාස්පෝට් දෙකක් සී.අයි.ඩී යෙදී අතුරුදන්
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම , මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අයත් ජංගම දුරකථන දෙකක් සහ හරක් කටාට සහ කුලු කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්ර දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබිය දී අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.