
(රංජන් කටුගම්පල සහ රෝෂන් තුෂාර)
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය.
ඉකුත් වසරේ මාර්තු 9 වැනි දින පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. පළාත් සභාවට පත්වුණාම එයාලට කන්න පුලුවන්. කෑම කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් නේ. රටට නම් ඉතින් හෙන ගැහිලා ගියත් මොකද.
යුක්තිය ඉටුවීම ප්‍රමාදයද අයුක්තියකි
දිගින් දිගටම අධිකරණ තීන්දු නොසළකන, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන සිලින්ඩරයාට ඡන්දය දීමෙන් වළකිමු.
එක්කෙනෙක් කිව්වා වගේ මතකයි "පළාත් පාලන පාලන මැතිවරණයක් තියන්නේ පළාත් පාලනයක් නැහැ" කියලා . එයා ජනාධිපති වෙන්නටත් දඟලන එක්කෙනෙක් .
ගරු අධිකරණය දුන් තීන්දුවට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරනවා .පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරලා,ඡන්ද පත්‍රිකා පවා මුද්‍රණය වෙමින් තිබුණේ. රජයේ මුද්‍රනාලයට,මැතිවරණ කොමිෂමට නොයෙකුත් බලපෑම් කරමින් එය නතර කිරීමට රජය කටයුතු කරපු බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
අයිඑම්එෆ් එකෙන් ලෝන් ගහනවා....ඡන්ද වලට කාබාසිනියා කරල දානවා....ආයිත් රට වලපල්ලේ...
රටේ ජනතාවගේ ඡන්ද අයිතිය වැනි අංක එකට වගේ තියෙන මූලික අයිතිවාසිකමකට එරෙහිව කටයුතු කල අයෙකුට වසර 10 ක පමණ බරපතල වැඩ සහිතව සිර දඬුවම් ප්‍රජා අයිතිය අහෝසිවීම වැනි දඬුවම් නියම වෙනවා. ඒ වගේ වරදක් කරපු කෙනෙක් කොහේ හරි ඉන්නවා නම් ඡන්දෙ ඉවර වුණු ගමන්ම ඒ කටයුතුත් ඉක්මණින් වගේ කෙරෙනවා නම් රටට ලොකු යහපතක් වෙනවා. අප්‍රමාදව ඒ කටයුතු කිරීම රටට ආදරය කරන කාගේත් යුතුකම් වගේම වගකීම. නැද්ද මන් අහන්නේ?
පළාත් සභා හොර තක්කඩි සෙට් එකක්ද කොහේද? මේකෙ කොමෙන්ට් කරලා තියෙන්නේ... රටට කෝටි සිය ගානකට වඩා ඉතුරුයි මේ නල්ලමලේ පළාත්සභා සෙට් එක ගෙදර හිටපු නිසා. ආන්ඩුකාරවරු ලස්සනට උන් නැතුව වැඩ ටික කරගෙන ගියා. ලංකාව වගේ පොඩි රටකට කොහොමත් ඔය විකාරේ ගැලපෙන්නේ නෑ. ඉන්දියාව සතුටු කරන්නනේ ඔය ඔක්කොම ඉතින්....