IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‍වැස්සෙන් පුත්තලමේ පවුල් 2,418ක් පීඩාවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මහ වැසි තත්වය ක්‍රමයෙන් අඩුව ගියද කඩින් කඩ ඇතිවන වැසි හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ජනතාව පිඩාවට පත්ව ඇති බව  ආපදා කළමනාකරණ ඒකකයෙ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී .හේරත් මහතා පවසා සිටියේ මෙම හේතුවෙන්  පවුල් 2,418 ක පුද්ගලයින් 8,582 ක් තවමත් පිඩාවට ලක්ව ඇති බවයි.

ක්‍රමයෙන් ජලය ගලා බැසිම සිදුවුවත් ඇතැම් ප්‍රාදේශ වල එලෙසම ජලය රැදි ඇති බව දිස්ත්‍රික් ලේකම් පැවසීය.

මහ වැසිත් සමඟ මෙලෙස පවුල් 2,418 ක පිරිසක පුද්ගලයින් 8,582 ක් මෙලෙස පිඩාවට පත්ව අසරණ වී ඇති බව කියයි.

එයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් වසමේ ග්‍රාම නිළධාරී වසම් 16 ක පවුල් 672 ක පුද්ලයින් 2,499 ක් පිඩාවට පත්ව තිබු බව කියයි.

ඒ සමගම පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ 5 ක පවුල් 586 ක පුද්ගලයින් 2059 ක් පිඩාවට පත්ව තිබු බවද කියයි.

එයට අමතරව හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ ග්‍රාම නිළධාරී වසම් 4 ක පවුල් 530 ක පුද්ගලයින් 2070 ක් පිඩාවට පත්ව තිබුණි.

එයට අමතරව දිස්ත්‍රික්කයෙ මහවැව,මුන්දලම,ආරච්චිකට්ටුව,දංකොටුව,වෙන්නපුව,මහකුඹුක්කඩවල යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට බලපෑම් එල්ල වී තිබුණි.

 



අදහස් (0)

‍වැස්සෙන් පුත්තලමේ පවුල් 2,418ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site