IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රටවල් 35කට ලංකා වීසා නොමිලේ

(අංජුල මහික වීරරත්න)

ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව වෙනත් රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රම වේදයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව පත් කරනු ලැබ ඇති විශේෂඥ කමිටුව විසින් ශ්‍රී ලංකාව සමඟ සංචාරක ක්ෂේත්‍රයේ තරඟකාරී ලෙස කටයුතු කරනු ලබන රටවල් 8ක් පිළිබඳ කරුණු අධ්‍යයනය කර සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ජනාධිපති විසින් එකී වාර්තාව මණ්ඩලයේ අවධානය අමාත්‍ය පිණිස ඉදිරිපත් කරන ලදී. එම විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහාත්, එකී නිර්දේශ මත පදනම්ව 2024-10-01 දින සිට ආරම්භව මාස 6 ක කාලයක් සඳහා හඳුනාගත් රටවල් උපරිම වශයෙන් 35කට දින 30 කට වලංගු වන පරිදි ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම පිණිසත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.



අදහස් (2)

රටවල් 35කට ලංකා වීසා නොමිලේ

Perera Friday, 23 August 2024 12:18 AM

ඕක අනිත් පැත්තට වුණානම් ලංකාවේ කවුරුවත් ඉතිරි වෙන්නේ නෑ.

:       1       0

සත්‍යපාල Sunday, 25 August 2024 02:01 AM

ඉන්දියාවටයි පකිස්තානෙටයි බංග්ලාදේශේටයි දුන්නොත් සැප තමයි. ඔවුන් ආවොත් ආපසු යන්නේ ආපු කොටසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site