
(අංජුල මහික වීරරත්න)
තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තේ වගා කරුවන්ට කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000 ක සහනයක් සහිතව තේ වගා කරුවන්ට දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසු ගිය කාල පරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩු වීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇති බව හඳුනාගනු ලැබ ඇත.
එබැවින්, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් තේ වගා කරුවන්ට සහනයක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙන බව රජය පවසයි.
ඒ අනුව, රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් කිලෝග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000ක සහනයක් සහිතව තේ වගාකරුවන් වෙත ලබා දීම පිණිස කෘෂිකර්‌ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ පෝර මිටියට සහනයක්
Lalla Thursday, 22 August 2024 02:47 PM
ඇයි තේ වලට විතරක්. පොල් රබර් පලතුරු... මේව වගා නොවේද?
සෙනෙවිරත්න Thursday, 22 August 2024 03:32 PM
මේක මීට දවස් ගණනාවකට පෙරත් කිව්වා නේද? ඒක ලැබෙනකං බලං හිටියා, මෙන්න අද වෙන කතාවක්...? ඕක කතා කරකර රැස්වීම් වල කියව කියවා ඉන්නේ නැතිව කරලා පෙන්වන්න ඇමැතිතුමෝ...!
Nilame Thursday, 22 August 2024 04:18 PM
4000/= සහනයක් කියන්නේ 50000/= මිල කරලා 46000/= දෙනවා කියලාද කියන්නේ? මේ කියන්නේ වංචාවක් කියලා හිතෙනවා. නැත්නම් ඇයි මිල කියන්න බැරි? කොහොම වුණත් පොහොර නම් එතරම් හොඳ නැහැ කියලා කියන්න වෙනවා. එහෙම කියන්නෙ අගෝස්තු මස 04 වැනිදා මම ඉඩමට පොහොර යෙදුවා තවම (22 දින) නම් කිසිම ප්‍රගතියක් නැහැ. පොහොර හොඳ නම් එහෙම වෙන්න බැහැ..
Jayantha Thursday, 22 August 2024 06:13 PM
ඡන්ද එනකන්ම හිටියා. දිනන්නේ නැති නිසා එක නිවසකට ලක්ෂය ගානේ බෙදනවා කියලා කියන්නත් බැරිද?