IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හබරණ තුන් නිවුන් දරුවන්ට නව නිවහනක්

(කාංචන කුමාර ආරියදාස )

හබරණ පුවක්පිටිය  ප්‍රදේශයේ  ගහක පැලක් මතක් දිවි ගෙවූ තුන් නිවුන් දරුවන් බිහිකළ මවට නව නිවසක් තනා  භාර දීම අද (23 )   සිදු කෙරිණි.

මහනුවර  හන්තාන සදගිරි සෑයේ විහාරාධිපති ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්  ඇතුළු පිරිසක්  මෙම පුණ්‍ය කටයුතුවලට මූලිකව වැඩකටයුතු කළේය.

මීට මාස දෙකකට පමණ ඉහතදී හබරණ  පුවක්පිටිය  ප්‍රදේශයේ මවක නිවුන් දරුවන් බිහිකළ අතර එම දරුවන් රෝහලෙන් රැගෙන යෑමට  වන මැද තිබූ කටුමැටි නිවසක් පිළිබඳවත් ,දරුවන්ගේ පියා ගස  උඩ පැලෙන් ඇද වැටී ආබාධිත තත්ත්වයේ සිටින බවත් පිළිබද පුවත මාධ්‍යයෙන් හෙළි කෙරිණි.

පුවතින් පසු දින දෙකක් ගතවෙද්දී නිවාස සංවර්ධන අධිකාරිය  ජනමාධ්‍යට නිවේදනයක් නිකුත් කරමින්  දන්වා තිබුණේ කඩිනමින් එම පවුලට නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවසක් ලබා දෙන බවය.

කෙසේ වෙතත් මාස කිහිපයක් ගත වෙද්දී එම නව නිවසෙහි ඉදිකිරීමක් හෝ ඒ පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරියේ නිසි අවධානයක් යොමු  නොවුණු අවස්ථාවක හන්තාන සඳගිරි සෑය විහාරස්ථානයේ විහාරාධිපති ගගසිරිපුර ධම්මාලෝක හිමියන්  දායකයන් සමඟ එක්ව මෙම  තුන් නිවුන්   දරුවන්ගේ පවුල පිළිබඳව අවධානය යොමු කොට  කඩිනමින් නිවස ඉදිකිරීම් ආරම්භ කළහ

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිවාසය ඉදිකිරිම සදහා ඉඩම් කැබැල්ලක් ලබාදීම සිදු කරන්නට විය.  

අද උන්වහන්සේගේ සුරතින්  නිවසේ යතුර ලබාදී මෙම පස් දෙනෙකුගෙන් යුත් මෙම පවුලට නව නිවස ලබාදුන්නේය. නිවස තනා දීම සඳගිරි  සෑ විහාරයේ හා තමන්ගේ දායක දායිකාවන් එක්ව සිදුකල බවද ව උන්වහන්සේ මෙහිදී පැවසූහ.

 



අදහස් (5)

හබරණ තුන් නිවුන් දරුවන්ට නව නිවහනක්

ගමේ එකාලා Thursday, 22 August 2024 02:15 PM

මෙම සත්ගුණවත් ක්‍රියාවට සම්බන්ධ වූ සියලුම දෙනාට බොහොම පින් .

:       0       108

යෝගා Thursday, 22 August 2024 02:15 PM

නිවාස අධිකාරියේ පිංපඩි අපතයෝ කවදද කියපු විදියට වැඩක් කලේ. උන් කරන කල් බලන් හිටිනවා නම් ගහ උඩ පැලේ තමයි සදහටම

:       0       83

NWS KUMARA Thursday, 22 August 2024 02:18 PM

හොඳ වැඩක්

:       0       80

eg Thursday, 22 August 2024 03:35 PM

නිවසේ ආවරණය දාන්න ඇමැතිවරුන්ගේ ගෙවල් හදලා දෙන්න විතරයි.

:       1       11

Swene Haputhantirige Friday, 23 August 2024 05:39 AM

අට මහා කුසල කර්මවල පළමු එක කඨින පිංකම කියලා දායකයින්ව අන්දලා කඨින මංගල්‍යයට මිලියන ගණන් වියදම් කරවන හාමුදුරුවන්ට හොඳ ආදර්ශයක්. කඨින පිංකම චාමෙන් කරලා, මුදල් ඔය වගේ වැඩකට යොදවනවා නම් කොතරම් අගෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site