
(ලක්මි කුඩලිගම)
කළුතර නෑබඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයත් රාජ්‍ය වතුයායක සේවය නොකරන සේවකයෙකුගේ නමට මාස ගණනක් තිස්සේ රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවූ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලීසිය පවසයි.
මෙම වතුයායේ කාර්ය මණ්ඩලය සඳහා 2024 ජූලි මාසයේ වැටුප් ගෙවීමේදී වැඩිපුර මුදලක් වැයවී තිබීම පිළිබඳව වතු සමාගමේ ගිණුම් අංශය මගින් කරන ලද පරීක්ෂණයකදී මෙලෙස සේවයේ නොමැති අයෙකුගේ නමට 2023 වසරේ නොවැම්බර් මාසයේ සිට 2024 ජූලි මාසය දක්වා මාස 10ක් වැටුප් ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.
වතුයායේ කළමනාකාරවරයෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොමැති සේවකයෙක්ට පඩිගෙවු වතු ලිපිකරුවා අත්අඩංගුවට
himal Thursday, 22 August 2024 03:24 PM
ජූලි මාසේ වැටුප් වියදම වැඩි වෙලා නම් කොහොමද කලින් මාස 6ක් තිස්සේ ගෙව්වා කියන්නේ? අනික මේ කියන විදිහට වැටුප් ගෙවන ලිපිකරුවට ඕන කෙනෙකුට වැටුප් ගෙවන්න පුළුවන් ක්‍රමයක්ද තිබිලා තියෙන්නේ?