
(ටී.කේ.ජී.කපිල සහ මහින්ද නිශ්ශංක )
කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ ,කොටුව දුම්රිය ස්ථානයට මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ට ඉකුත් දා ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙම බස් රථ සේවාවට ආරම්භ කළ සැනින් , ඊට එරෙහිව ගුවන් තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි .
ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය , මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණි .
මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව නවතා දැමීමට පියවර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඉතින් ලංකාවේ නේ.....
ටෙන්ඩර් කැඳවලා හරි විදියට පටන්ගත්තනම් එක එකාට බයේ අකුලගන්න වෙන්නේ නෑ. මේක ප්‍රවාහන ඇමතිගෙයි ලේකම්ගෙයි ජරා ගේමක්. හොඳ වැඩකින් ගානක් කපාගන්න බැලුවේ
දන්න සහ දැකලා තියෙන විදිහට දැනට පවතින්නෙ කබල් බස් සේවයක් නම සුඛෝපභෝගී කියලා දාගෙන. ගුවන්තොටුපළ සේවය සඳහා නවීන සහ සැප පහසු බස් තියෙන්න ඕන. විදේශිකයන් ගෙ පළමු දැක්ම ඒක. හොඳ බස් සේවාවක්.කවුරු පටන් ගත්තත් කමක් නෑ ඒකට ඉඩ දෙන්න ඕන. හැමතැනම කල්ලි හැදිිලා වැඩ වලට බාධා කරනවා.
අරඹන්නටත් පෙර නවතා දමලා .රජයේ අනෙක් ක්‍රියාකාරකම් වගේම මෙයත් නිසි පරිදි සිදුවී නැහැ
රවුඩිස්වාදය. ඇයි බලධාරීන්ට මහජනතාවට හිතකර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බැරි. බන්දුලට මේ ප්‍රවාහනය කරගෙන යන්න බැරි වුණොත් ඊළඟ මැතිවරණයේදී ඔහු පරාදයි.
අනේ ලංකාව
ඇත්තටම මට තේරෙන්නේ නැහැ මේ රට පාලනය කරන්නේ කොහොමද කියලා. ස්වල්ප දෙනෙක් තම යහපත වෙනුවෙන් යමක් ඉල්ලනවද, ඔක්කොම හොද දේ වෙනස් කරනවා, මේ ආකාරයට රට පාලනය කළ නොහැක.
විලි ලැජ්ජයි...
ඉතින් ගැමුණුද ජනාධිපති?
තූ නොදකින්... කාලකන්නින් ඉන්න රටක්..
මේ රට කවදාවත් හදන්න බැහැ. ඔක්කොම රටම පලයව්. දේශපාලුවොත් එකයි, මිනිස්සුත් එකයි.
නොදකින් ශ්‍රී ලංකාව..!
මේ මොන කෝලමක්ද...? රටේ බල්ලන්ට ඕනා විදිහටද මේ රට පාලනය වෙන්නේ..? ලංකාවේ පාලකයෝ රටේ මදාවි බල්ලන්ට බයයි... ඔවුන්ට බල්ලන්ගේ චන්ද අඩුවෙන නිසා.... ලෝකයේ වෙනත් රටවල මෙවැනි සුඛෝපභෝගී ගුවන් තොටුපොල බස් රථ සේවා ක්‍රියාත්මක වෙනවා... එත්, ලංකාවේ ඒවා කරන්න බැහැ.. ඔය පැත්තේ බඩ තඩි මාෆියා ඇමතියෙක් ඉන්නවා අන්න ඒකා තමයි ඔය මාෆියාවේ කෙරුමා... ඒකාට බයයි මේ රටේ මහා එකාලා....මේක බල්ලන්ටම ගිය රටක් බන්....නොදකින් කාලකන්නි මුන්ට චන්දෙත් දෙන මෝඩයෝ ඉන්නවනේ!!!
එක එක මාෆියා කාරයන්ට බය නැතිව තීරන ගත හැකි රඡයක් ඇතිකිරීමට සියලු දෙනා එක් වෙමු.
මේ වගේ අය තමයි 88/89 කාලයේ ලංගම බස්වලට ගිනිතියලා ජවිපෙට චෝදනා කළේ...
ලෝකයේ හැම දියුණු රටක්ම තියන දේවල් ,ජාවාරම් කාරයන්ට ,කප්පම් කාරයන්ට ඕන විදියට වැඩ කරන කාලකන්නි පාලකයෝ මිනිස්සු හූරාගෙන කන්න දෙන රටක්