IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’රටේ ආර්ථිකය බංකොළොත් වෙලා’’

(ගයාන් සූරියආරච්චි)

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය මේවන විට බංකොළොත් භාවයට පත්වී රට ආරාජිකත්වයට පත්ව ඇති බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

මේවන විට දේශපාලන පක්ෂ දිය වී නැති භංගස්ථානවී ඇති බවද රාජපක්ෂ මහතා කීය.

ඔහු මේ බව පැවැසූවේ නාවල, විජය බා මාවතේ පිහිටි ඔහුගේ නිවෙසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ සිට මෙරට බලයට පත්වූ සෑම ජනාධිපතිවරයකුම සමානුපාතික මැතිවරණ නීතියත්, මැතිවරණ ක්‍රමයත් සම්පූර්ණයෙන් වෙනස් කරන බව පවසමින් බලයට පැමිණියත් එය වෙනස් නොකළ බව ද රාජපක්ෂ මහතා කීය.



අදහස් (14)

’’රටේ ආර්ථිකය බංකොළොත් වෙලා’’

ජනරළ Tuesday, 20 August 2024 04:52 PM

මානසික ප්‍රශ්නයක් හදිසියේ ඇතිවෙලාද? පහුගිය කාලේ අනුප්‍රාප්තික ආණ්ඩුවේ ඉඳගෙන ඇමැතිකම් කරනකොට ඒ ආණ්ඩුවේ හැම පනතකටම අත උස්සන කොට ඔහොම කතාවක් නිකමට හරි කිව්වාද, නැහැනේ... මම නම් හිතන්නේ මොකක් හරි මානසික තත්වය පරික්ෂා කර ගත යුතු තත්වයකට පත්වෙලා...!

:       0       1

Chamila Fernando Tuesday, 20 August 2024 06:08 PM

වෙන්න බෑ... ඔබ තුමා ආණ්ඩුවේ ඉන්නකන් ආර්ථීය හොදටම තිබ්බනේ. අපිනේ ආසියාවෙන්ම එක......ඔබතුමා අයින් උනාට පස්සෙද බංකොලොත් වෙලා තියන්නේ..බලන්නකෝ එකෙත් හැටි.

:       1       49

Bandara Tuesday, 20 August 2024 06:19 PM

ඔයත් බංකොලොත් වෙලා...!

:       1       3

Frencisco Tuesday, 20 August 2024 06:30 PM

ඉතින් ඒක ජනාධිපතිගේ පමණක් වරදක් නොවෙයිනේ ජනාධිපතිට තනිවම කරන්න පුළුවන් නම් හයෙන් පහක බලයක් තිබුන ජේආර් මට මේක තනිවම කරන්න බැහැ කියන්නෙ නැහැනේ එයින් පේන්නෙ ජනාධිපති අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලුම මංත්‍රීලගේ අඩුපාඩුවක් තමයි රටට එහෙම වෙන්න ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා බේරෙන්න බැහැ 1994 සිට 2024 දක්වා සිටපු සියලු දෙනාගෙම වරදින් තමයි එහෙම වෙලා තියෙන්නෙ

:       1       4

kasun Tuesday, 20 August 2024 07:56 PM

මෙයා ජනාධිපති වෙන්න ඉල්ලලා ගත්තු ගමන් රට බංකොළොත් වුණාද?

:       0       1

ගමේ එකාලා Tuesday, 20 August 2024 09:45 PM

තමුන් පවුල් පාලන ආණ්ඩුව බලයේ ඉන්න කාලේ ඩීල් ගහගෙන ඉන්න කොට ඔය කිසිම දෙයක් ගැන දන්නෙම නැතුව ඇති ?

:       0       1

nihal Tuesday, 20 August 2024 09:53 PM

බංකොලොත් වෙලා නෙමෙයි අයිසේ බංකොලොත් කරලා

:       0       1

wimal Tuesday, 20 August 2024 10:16 PM

පාර්ලිමේන්තුව ලඟින් කාන්තාවක් ගියා නිතරම එහාට මෙහාට, එයා ගියේ උගස් බඩු කඩේට,ඒකෙ බඩ තඩි මුදලාලි තමයි ඕකට වැරදිකාරයා.එහෙම නැත්නම් අවුරුදු හැත්තෑ ගනනක් රට කෙරූ ජෙප්පො.

:       0       0

Roshan Tuesday, 20 August 2024 10:23 PM

ආ... උඹ දැන්ද ඒක දන්නේ..... මෙච්චර දවසක් උඹට කෝමා හැදිලද හිටියේ.... මූත් තවත් නොම්මර එකේ අවස්ථාවාදී ජඩයෙක් තමයි

:       0       0

kalum Tuesday, 20 August 2024 10:23 PM

මාර වැඩේ නේද ?අපි හිතන් හිටියේ රට බංකොලොත් වෙලා තියෙද්දී ඕගොල්ලෝ රනිල් එක්ක එකතුවෙලා රට ගොඩ ගත්තා කියලා

:       0       0

Pradeep Kumara Wednesday, 21 August 2024 08:13 AM

අනේ රට බංකොලොත් වෙලාද? අපි නම් දන්නේවත් නෑ, ඇයි සාමාන්‍ය ජනයා වන අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ. රට සංවර්ධිතයි, සියළු පහසුකම් වලින් සමන්විතයි, ඉතිං අපිට දැනෙන්නේ නෑ බංකොලොත් වෙලා කියලා...

:       0       2

wimal Wednesday, 21 August 2024 09:11 AM

ඔබතුමා වගේම රූපය තියෙන කෙනෙක් පසුගිය කාලය පුරාවටම අපේ ඇමැති තනතුරු දරමින් සිටියා...!

:       0       2

Wije Wednesday, 21 August 2024 09:45 AM

මොනවාද මේ කියන්නේ, මෙයාට අමතකයි හිටපු කැබිනට් මිනිස්ටර් කෙනෙක් වග...

:       1       3

Rd Roy Wednesday, 21 August 2024 12:24 PM

ඔබතුමන්ගා 225ම කෙලවලා යනකල් ආර්ථිකයට රට ගොඩගන්න හිතන්නවත් අපිට බැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site