
( තිස්ස කොටින්කඩුව)
ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි යතුරු පැදියක් කොළඹ සිට ජාඇල බලා යමින් සිටි ටිපර් රථයක ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදීම මියගොස් ඇති බව කදාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වැලිගම්පිටිය ජාඇල යන ලිපිනයේ පදිංචි ජයසුරිය කුරණගේ ෂෙනාල් රෙනෝල් පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සදහන් කරයි.
අනතුර සිදුවන අවස්තාවේ යතුරු පැදියේ ආරක්ෂිත හිස්වැසුම් පවා නෙමැතිව තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර යතුරු පැදියේ පසුපස අංක තහඩුවද නොතිබුන බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරියාගේද උපදෙස් නොතකා යතුරු පැදිය කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට අපිරික්ෂාකාරි ලෙස දැමීමෙන් කොළඹ සිට ජාඇල බලා ධාවනය වෙමින් සිටි ටිපර් රථයක ගැටී මෙම අනතුරු සිදුවී ඇති බවය.
අනතුර සිදුවීමෙන් අනතුරුව එම ස්ථානයේ කලහාකාරි තත්ත්වයක්ද ඇති විය.අනතුරින් මියගොස් ඇති තරුණයාගේ සොහොයුරකු බව කියන පුද්ගලයෙකු ඇතුලු පිරිසක් මෙම සිදුවීම ඇතිවුයේ පොලිස් නිලධාරියා යතුරු පැදිය නැවත්වීම සදහා යතුරු පැදියට පාපහරක් එල්ල කිරීම නිසා යතුරු පැදිකරුගේ පාලනයෙන් මිදුන යතුරු පැදිය ටිපර් රථයේ ගැටී මෙම අනතුරු සිදු බවට චෝදනා කරමින් ඔවුන් ප්‍රකෝපකාරි ලෙස හැසුරුන අයුරු දක්නට ලැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් වාහනයක්, මෝටර්සයිකල් එකක්... නවත්වන්න කීවාම එය ගණන් නොගෙන දිගටම ධාවනය කරන්නේ නීති විරෝධී වැඩ කරන අය... එහෙම එකෙක්ව පයින් ගහලා හෝ වෙඩි තියලා නවත්වා ගතයුතුයි. ඒ වගේ නරුමයින් මේ ලෝකෙට වැඩක්ම නැත..
රටේ නීතියක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න නිලධාරින් ඉන්නවා.. මොවුන් නීතිය කඩලා නිලධාරීන්ට තග දාලා වැඩ පෙන්නන්න කටයුතු කළා කියලා රූපවාහිනී පුවත් මගින් දැක්කා. එහෙම වුණාම ස්වභාව ධර්මයාගෙන් හරි දඬුවම් ලැබෙනවා කියන්න මේක හොඳ උදාහරණයක් වෙනවා..!
නීතිය තුට්ටුවකට මායිම් නොකරන මේ අයට මේ වගේ දේවල් තමයි වෙන්නේ... පාරේ යන අහිංසක මිනිස්සුන්ව නොමරා...