
(සරත් ආනන්ද ගමගේ )
සිය නිවසේ වතුර මෝටරයට සම්බන්ධ විදුලි රැහැනින් විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බද්දේගම පොලීසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බද්දේගම , කොටගොඩ, මිටියදූව වත්ත ලිපිනයන් පදිංචිව සිටි නිහාල් සූරියාරච්චි (67) නැමැති දෙදරු පියෙකි.
දියණියන් දෙදෙනා පිට ප්‍රදේශයක පදිංචිවී සිටින අතර ඔහුගේ බිරිඳද දියණියකගේ නිවසේ බැවින් මේ දිනවල තනිව ජීවත්වන ඔහුගැන සොයා බලා ඇත්තේ අස්ලවැසි නිවසේ වෙසෙන නැගණිය විසිනි.
මෙදින ඔහු නියමිත වෙලාවට කෑම රැගෙන යාමට නොපැමිණි නිසා නිවසට පැමිණ සොයා බැලීමේදී ඔහු නිවස පිටුපස ලිඳ ළඟ වැටී සිටි බවත් ඔහුගේ ශරීරයේ ගෑවී විදුලි රැහැනක් තිබී ඇති බවත් පොලීසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd