IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෙරහරින් පසු කසළ ටොන් 200ක්

( ෂේන් සෙනෙවිරත්න )

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 20 කට අධික ප්‍රමාණයක් බැහැර කළ බවත් ජනතාව කෙතරම් දැනුවත් කලද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි .

එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාමල් දිසානායක මහතා අවධාරණය කර සිටියේ මෙවර ඇසළ පෙරහර සමයේ වර්ෂාව කාල වකවානුවක පැවැති බැවින් ඉටිකොල භාවිතය අධික වුවත් ජනතාව මීට වඩා වගකීන් යුතුව ඉටුකොළ සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයේදී ක්‍රියාකළ යුතුව තිබෙන බවයි .

පෙරහර මංගල්‍යයේ අලින්ගේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය පමණක් ටොන් 200 කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කොට ඇති බවත් මේ වන විටත් එම අපද්‍රව්‍ය ඉවත් කරමින් තිබෙන බවද නාමල් දිසානායක මහතා පැවසීය .

ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අලින් විසින් ආහාරයට නොගත් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඒ අතර ඇති බවයි . මෙම තත්ත්වය මීට පෙර පෙරහර සමයේදී වාර්තා නොවූ තත්ත්වයක් බව ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය .



අදහස් (1)

පෙරහරින් පසු කසළ ටොන් 200ක්

Rohana Thursday, 22 August 2024 12:14 PM

අලියා ලකුණට තැනක් නැති නිසා අලින්ට කෑමත් එපා වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site