
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.
දේශපාලනයේදී කොතෙක් ඉවසිය යුතුදැයි ජේ. ආර් .ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ ඔප්පු කර පෙන්වා දී තිබෙන බවද මන්ත්‍රීවරිය කීවාය.
හොරුන්ගේ නැවෙන් පැන්න නයි මුගටි ඔක්කොම දැන් සමගි ජන බලවේගය නැමැති කොටය තදින් බදාගෙන සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.
සමගි ජන බලවේගයේ මුල් සාමාජිකයන්ට දැන් එහි තැනක් නැතැයිද අතුකෝරල මහත්මිය කීවාය.
තලතා අතුකෝරල මහත්මිය:-
අද අපේ මව් රට බරපතල වශයෙන් ආර්ථික වශයෙන් කඩා වැටී අර්බුදයට ලක්ව තිබෙන්නේ. මේ අවස්ථාවේ අපට තීරණාත්මක ජනපතිවරණයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා.මේ රටේ ජනතාව වඩා බුද්ධිමත් වී ඇති බව අප තේරුම් ගත යුතුයි. මහපොළොවේ ඇත්ත යථාර්ථය එයයි. තවදුරටත් ජනතාව රවටන පොරොන්දු ලබාදී ඉදිරියට යන්න බැහැ.
සමහර දේශපාලකයන් තවමත් ඒ සඳහා උත්සාහ කරනවා.ජනපතිවරණයේදී ජනතාව ඔවුන්ට රැවටෙන්නේ නැහැ.මෙවැනි තීරණාත්මක අවස්ථාවක අපේ රට සහ ජාතිය ගැන අප සතු ඓතිහාසික වගකීම හොඳින් අවබෝධ කරගත යුතුයි.
එසේ නොකළහොත් අපේ නම ඉතිහාසයේ කුණු බක්තියට වැටෙනවා.
මගේ සහෝදරයා වූ ගාමිණී අතුකෝරල කිසි දිනක පක්ෂය හැර ගියේ නැහැ.මගේ ඇඟේ දුවන්නෙත් ඒ ලේ.
මෙය මට ඉතා සංවේදී අවස්ථාවක්. එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා.
අපේ මව් පක්ෂයේ නායකයන් දෙදෙනා දෙපැත්තට බෙදිලා. නායකයෙන් දෙදෙනා දෙපසකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී තීරණයක් බව අපේ හැඟීමයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් නිහඩව හිටියොත් මමත් මේ පාපයට දායක වූ කෙනෙක් බව කියවෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ වහා තීරණයක් ගත යුතුයි.
එමෙන්ම එය මගේ හෘද සාක්ෂියට එකඟ වන ජනවරමක් ලබාදුන් රත්නපුරයේ ජනතාවගේ අනාගතයට පටහැනි නොවන තීන්දුවක් විය යුතුයි. කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුයි.
ඒ දේශපාලන ගමන කිසිසේත් නතර කරන්නේ නැහැ. ඒ ගැන මේ අවස්ථාවේ ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.කාන්තාව වෙනුවෙන් තව බොහෝ දුරක් යා යුතුව තිබෙනවා.මා විසින් මේ අවස්ථාවේ ගැනීමට නියමිත සංවේදී තීරණය පිළිබඳව රත්නපුරේ ජනතාවට මා දැනුම් දෙනවා. ඒ තීරණාත්මක මොහොතට මා අද මුහුණ දෙනවා.
එක්සත් ජාතික පක්ෂයට වසර හැත්ත අටයි.
පක්ෂය දෙකඩ නොවී ඒ ගැටලුව විසඳා ගන්න නොහැකි වූයේ ඇයිද යන්න අපට නිරන්තරයෙන් සිහි වෙනවා. සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් ලෙස මා ජයග්‍රහණය කළත්, අනාගතය දෙස නොබලා ගත් තීරණය හරිද කියා මා නිරන්තරයෙන් සිතනවා.ඒ සම්බන්ධයෙන් මා නිරන්තරයෙන් දුක්වුණා. රනිල් සහ සජිත් දෙදෙනා ගැනම මට හොඳ අවබෝධයක් තිබෙනවා.
මේ ජනපතිවරණයේදී අප ජය ජයගන්නට නම් එකතු වී මිස වෙන් වී තරඟ කිරීම ප්‍රායෝගික නොවේ. අප අද අලුත් තත්ත්වයකට මුහුණ දී තිබෙනවා .රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්නැයි දිගින් දිගටම ආරාධනා කරද්දී සජිත් ප්‍රේමදාසට එය විරුද්ධ වූයේ ඇයි දැයි මා දන්නේ නැහැ.
දේශපාලනය කරද්දී ඉවසීම කොතෙක් දැයි අපේම නායකයන් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා තිබෙනවා.
මේ රටේ දේශපාලන නායකයන් ගෝඨාභය රාජපක්ෂගෙන්වත් පාඩමක් ඉගෙන ගත යුතුව තිබෙනවා. බලය ලබාගන්න තැත් කළත් එය රැක ගන්නා ආකාරය ගැන සිතිය යුතුව තිබෙනවා.
අද මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සමුගන්නා අවස්ථාවේ කිව යුතු දෙයක් තිබෙනවා. එකම කඳවුර දෙකට බෙදිලා එක කඳවුරේ දෙන්නෙක් තරඟ කිරීම ඔලමොට්ටල වැඩක්.
ස්වභාව ධර්මය වෙනුවෙන් සියලු බාධක ඉවත් කොට අපේ ජයග්‍රහණ බන්දේසියක තබා පිළිගන්වන මොහොතේ එය පිළිගන්නේ නැත්තේ ඇයි?
රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ චෝදනාව හොරු සමග වාසය යන්නයි.සමගි ජන බලවේගයටත් එය දැන් පාරාවලල්ලක් වෙලා. එදා හොරුන්ගේ නැවෙන් එළියට පනින පැන්න අය අද ඉවක් බවක් නැතිව සමගි ජන බලවේගයට ඇතුල් වෙලා. ඒ නිසා සජබ මුල් සාමාජිකයින් පිරිසට දැඩි කලකිරීමට ලක්වන්නට සිදුවී තිබෙනවා. නයි මුගටි ඔක්කොම දැන් සමගි ජන බලවේගයට පැන එය තදින් බදාගෙන ඉන්නවා.ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ බලය වෙනුවෙන් ඉවසන්න යන පාඩම අපිට උගන්වා තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ගේ පරාජයට හේතු වන්නේ මෝඩකම, උද්දච්චකම සහ අම්මයි නංගියි...
ඔය කොහේ ගියාම අපට මොකද? හැමදාම ඔයා ඉන්න පැත්ත ආසනේ පරාදයි.
වාසියට පැත්ත මාරුකළ ඔබට ඇත්තේ නියත පරාජයයි...
මොවුන් වගේ අයට ආයෙත් ඡන්දය දෙනවාද කියලා ජනතාවට දැන් තීරණය කරන්න ලේසියි. මේක තමයි අපේ රටට දේශපාලන වෙනසක් ඕනෑ වෙලා තියෙන්නේ. මේත් තවත් එක මැක්කෙක් විතරයි.
මැඩම් ඔච්චර විස්තර කරන්න ඕනෑ නෑ... රනිල්ව waters edge මුණගැහෙන කොට හැමෝම දැනගෙන හිටියා රනිල් එක්ක එකතු වෙනවා කියලා.. ඔච්චර හිතක්, පපුවක් තිබුණා නම් 2020 දී රනිල්ව දාලා ගියේ පව්...!
ගාමිණි අතුකෝරල මහතාට පසු එජාපයේ හිටියේ සහ ඉන්නේ හාන්සිපූටු කාරයෝ විතරයි. මට හිතෙනවා මෙතුමිය වෙනුවට කෙනෙක් පත් නොකර ඉදිවි. මොකද පත් කරන කෙනාත් අනිත් පැත්තට යන්න පුලුවන්.
රනිල් වික්‍රමසිංහ මේ ඡන්දෙන් දිනනවා. හැබැයි දිනුවට පස්සේ ඉන්නේ ඔය රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඊළඟ අවුරුදු 5 තුළ සිදුවන හැමදේටම දෑත ශක්තිමත් කරන පිරිස වගකිව යුතයි.
මාර ගෙඹි පැනිලි තමයි පනින්නේ.
ඉතාම මෝඩ තීරණයක්. සජිත් වගේම ඔබත් එදා යූඑන්පී එකෙන් ඉවත් වුණේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා සහ හැමදාම පරාජිතයන් වුණ නිසා.ඔබගේ සොහොයුරා පවා පක්ෂයේ මේ පිළිවෙතට ඒකාධීපති පාලනයට එරෙහිව කෙලින් වැඩ කරපු කෙනෙක්. ඒ නායකත්වය අදටත් ඒකාධීපතියි සහ ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂය තුළ නෑ.
ඔන්න හෝදා පාළුව ඇරඹුනා, නමට සංවිධාන එක්ක ගිවිසුම් දුසිම් ගණන් අතසන් කරනවා, සජිත්, කියවලාදවත් දන්නේ නැහැ.... ඕවා හරි නම් ජනතාවට පෙන්වන්න ඕනෑ නේද? සජිත් එක්ක රට හදන්න එන එක්කෙනෙක් ගුටි ඇන්න අනිත් එක්කෙනාට, එයත් එක්ක ගිවිසුමක් ගැහුවා නේද? දැන්වත් සජිත් එක්ක යන අයගේ මොළේ පෑදෙනවා නම් හොඳයි...!
මෙයා කියනවා, සජිත් නායකත්වයට සුදුසු නැති බවත් කෘතිම රැල්ලක් හදාගෙන යන බවත්... ඒ ටිකම ඇති සජිත් එක්ක යන අයට හිතන්න.
සජියා වටේ දැන් ඉන්නේ බහුතරයක් අවස්ථාවාදියෝයි දේශපාලන අනාථයෝයි විතරයි . GL ඉන්නේ කොහොම හරි ජාතික ලැයිස්තුවෙන් නැවත වරක් පාර්ලිමේන්තු එන්න. යාපා දන්නවා මිනිහාට ආයේ පාර්ලිමේන්තු එන්න නම් හැව අරින්නම වෙනවා කියලා. ඩලස්, ඩිලාන් වගේ අයත් එහෙම තමයි. සුජීවට පුළුවන් සද්දෙට කතාකරන්න විතරයි. මරික්කාරුත් නිකම් හිස් බැලුමක් විතරයි. සජියා මෙදා පාර පැරදුණාම ඔතැන නායකකම ගන්න මරාගනිල්ලක් වෙයි. සජිත් කෙලවාගන්නේ මිනිහගේ උද්දච්ච කමයි, ඉවසීමක් නැතිකමයි, මෝඩ කමයි නිසයි.
ඉතින් අපිට පාන්ද?
පක්ෂ දෙකක කකුල් තියාගෙන ඉන්න මේ වගේ අය යන එක එම පක්ෂවලට හොඳයි. ෆොන්සේකා ගිහින් අද 10-15 රැස්වීමකට සෙනග හොයාගන්න බැහැ. මෙයාලා පනින විදිහට ජනතාව අනුගමනය කරන්නේ නැත.
සජී ළඟ ඉන්නේ හොරු කියලා පිනා ගාවට ගියොත් බලාගෙනයි... මොකද සජියා ළඟ ඉන්නේ නිකන් හොරු... පිනා ළඟ ඉන්නේ කම්බ හොරු ටික... !
මාස 09ක් කුරුමානම් අල්ලලා අන්තිමට ගියා..! අපි ඔය ගැන වේලාසනින්ම දැනගෙන හිටියේ ඔය වගේම ගම්පහ එක්කෙනෙකුත් කුරුමානම් අල්ලමින් ඉන්නවා. එයත් ළඟදීම යයි..!
මෙතුමිය සජබෙන් ගිහින් ගොඩක් කල්... මෙයාට කොහොමත් සජබේ ඉඩක් නෑ. ගියඑක හොඳයි. මෙයාට ඡන්ද නෑ...!
තලතා රනිල් ගාවට යන්න වෙනම පිම්මක් තෝරගත්තා...
සජිත් ලාහට ගෙම්බො එකතු කරනවා, තව ටික දවසකින් සජිත්ට වෙනව ඔය මන්ත්‍රීවරු ගෙදර නවත්තගෙන පොඩි ළමයි වගේ ප්‍රවේශම් කරන්න. රනිල්ගේ ඉලක්කය මාලිමාව නොව සජබය බව දැනගත යුතුයි... මාලිමාවේ කිසිවෙකු මේ වගේ අවස්ථාවාදීන් නොවන නිසා...!
හරි දැන් ඔයා කියන විදියට හොරුන්ගේ නැවෙන් සජිත් ළඟට පැන්නා කියමුකෝ. ඒත් ඔයා දන්නවද හොඳම කම්බ හොරු ටික පැන්නේ රනිල් ළඟට. ඔයා එතෙන්ට යන්නේ ඔයා ඒවා අනුමත කරන නිසා නේද?පොහොට්ටුවේ සුප්‍රකට පල් හොරු ටික අද රනිල් වටා දැවටෙනවා...
ඔයගොල්ලෝ ඔක්කොම එකම වල්ලේ පොල්. ඒනිසා අපිට ඔය ප්‍රශ්න අදාළ නැහැ. #මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා !!!
ඉස්සරනම් මන්ත්‍රී කෙනෙක්ගේ නම කිව්වම දන්නවා එයා මොන පක්ෂෙද කියලා. මේ පනින පැනිල්ලට මන්ත්‍රීවරු ඉන්න පක්ෂය කවුරුහරි ඇහුවොත් කියන්න දන්නේ නෑ. අඩුම රනිල්ගේ පක්ෂයවත් දැන් අපි දන්නේ නෑ. ගෙම්බන්ටත් බෑ මෙච්චර හොඳට පනින්න.
මෙයා කොහොමත් යන්න නැකත් බලමින් හිටියේ රත්නපුරේ ජනතාවට කිසිම වැඩක් කරෙත් නැහැනේ..! හැබැයි රත්නපුරේ ජනතාව ඔය සමග එන්නේ නැහැ...
එකතූවී නැවත පක්ෂය ගොඩ නගන්න...!
තලතා ගියා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ... මොකද කුමාරි මුණසිංහ ඇවිල්ලා ඉන්නවා.
එහෙට ගියත් හොරු , මෙහෙ හිටියත් හොරු ....අමතරව දෙපැත්තේ ම පොහොට්ටු හොරු ....
කවුරු කොහේ ගියත් ආවත්. මේ සැරේ නම් ජනතාවගේ චන්දෙ අනුරට විතරයි
වැල යන අතට මැස්ස ගහනවා කියලා කතාවක් තියෙනවා .බලලෝබී බඩගෝස්තරවාදී දූෂිතදේසපාලුවෝ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මොකද රනිල් ගාව ඉන්නේ හොඳ අයද. මහින්දගේ පැත්තේ හිටපු රජ හොරු ටිකකුත් ඉන්නවා නේ. ඒ වගේම බැංකු හොරුත් ඉන්නේ රනිල් ගාවනේ. අනේ තලතෝ බලන් ගියාම ඔය දෙගොල්ලෝම හොරුනේ.
මාලිමාවෙ පලවෙනි ඡන්ද ප්‍රතිඵලය තලතාගෙන් ආව වගේ.
තලතා අතුකෝරල මහත්මියනි. රනිල් රට ගොඩ ගත්තා ද? ඔබ හොද සිහි බුද්ධියෙන් සිතා බැලුවොත් ඔබට පෙනේවී මෙය අමූලික බොරුවක් බව. මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ආර්ථිකය හැසිරවීමේ තාක්ෂණයත්, විදේශයන්හි සේවය කරන පිරිස ලංකාවට එවන ලද ඩොලර් බිලියන ගණනක් (මෙම වසරේ මුල් මාස 7 ට පමණක් ඩොලර් බිලියන 4 ක්) නොවන්නට රනිල් කරපු දෙයක් ඇත්තටම නැහැ. එයාට අයිති කොටස හරියට කලා නම් රට මීට වඩා හොඳ තත්වයක තියෙන්න තිබුණා. රටේ නිෂ්පාදනය, කර්මාන්ත, වෙළදාම, ජනතාව ගේ ජීවන තත්වයන් ඒ වැටිච්ච තැන ම තමයි තවමත්.
එතන තියෙන්නේ ඇම්බුන්ද ?ආනමාලු ද ?
මාලිමාවක් බය කරපු තරමක්
ඔබට මහබැංකු වංචාව අමතක වෙලාද?
ගෙම්බන්ට එලියට පනින්න දීලා පක්ෂ සුද්ද කරගන්න එක ගොඩක් හොඳයි
අම්මපා .ඒ පක්ෂේ කැමති අනික් පැත්තටද ?
ඒක ගෑනු උදවියට සාමාන්‍ය දෙයක් .අපේ නෝනත් ඉඳලා හිටලා වෙනසකට පැත්ත මාරු කරනවා
එහෙ හොඳයි .එතකොට මුහුණ පෙන්නේ නෑ
ඕක මහ දෙයක් නෙමෙයි .වීඩියෝ වල ඕන තරම් දැකලා තියනවා
තලතා කියන්නෙ රත්නපුරයේ ජනප්‍රිය චරිතයක් නොවෙයි. එයා මේගමන ඉල්ලුවොත් පරාදයි උඩින්ම . රත්නපුරේ වැසියෝ ......
රනිල් සජිත් දෙන්නම මැතිවරණයෙන් පරදිනවා. ප්‍රධානම හේතුව මේ දෙන්නම තමන්ගේ පක්ෂයට පොහොට්ටු සාමාජිකයින් එක් කරගැනීම . සියල්ලන්ම පැහැදිලි කිරීමට එකම හේතුව එයයි. මෙය අපගේ ඇගයීමයි.
රනිල් ඇරෙන්න වෙන කවුරු දිනුවත් ආණ්ඩුවක් ගෙනියන්න ඉඩ දෙන්නේ නෑ. ගෝඨා දිනුවේ ලක්ශ හැට නමයක් අරගෙන ආණ්ඩුවක් ගෙනියන්න දුන්නේ නෑනේ. ඒ කට්ටියම ආපහු ආණ්ඩුව පෙරලලා රනිල්ව බලයට ගේනවා. ඒක තමයි ඇත්ත.