
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10000 අල්ලස් ලබා ගැනීමට තැත් කළ කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
එම නිලධාරීන් දෙදෙනා ඉකුත් 14 වෙනිදින සවස 6 සිට පසු දින 6 දක්වා යතුරු පැදි සංචාරයේ යොදවා තිබේ.
කඩුවෙල පොලිස් වසමෙන් බැහැරව මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ නවතා තිබූ මෝටර් රථයක් පරික්ෂාවට ලක්කර එහි රියදුරු අසුනේ සිටි තරුණයකු සහ ඊට යාබද අසුනේ සිටි තරුණියක අශෝබනව හැසිරෙන බවට 119 මධ්‍යස්ථානයෙන් පණිවිඩයක් ලැබී තිබෙන ඒ අතර බවට සාවද්‍ය ප්‍රකාශයක් කරමින් ඔවුන් දෙදෙනා බිය ගන්වා රුපියල් 10000ක මුදලක්ම අල්ලස් වශයෙන් ලබා ගැනීමට තැත් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතුන් බියකර අල්ලස් ගන්න ගියපොලීසියේ දෙන්නාගේ වැඩ තහනම්