IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගරාජයේ තිබූ බස් රථ හතරකට ගිනි තියලා

(රවින්ද්‍ර ලියනගේ)

අලුත්වැඩියා කටයුක්තක් සදහා වෙන්නප්පුව වැව පාරේ ගරාජයක නවතා තිබු බස් රථ හතරකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.

පෙර දින(20) පාන්දර 2.30 ට පමණ මෙම ගිනි තැබීම සිදුකර ඇති බවත්  එම සිද්ධිය සම්බන්දයෙන් වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ගරාජය තුළ පැතිරිගිය ගින්නෙන් නවින පන්නයේ බස් රථයක් සම්පුර්ණයෙන් ගිනිගෙන ඇති අතර තවත් බස් රථ තුනකට ගින්නෙන් සුලු හානි සිදුවි ඇති බව පොලිසිය කියයි.

ගින්න පැතිරිමත් සමග ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් එක්ව ගින්න නිවා දැමිමට කටයුතු කර ඇති අතර ගින්නෙන් බස් රථවලට සිදුවි හානිය රුපියල් කෝටි තුනක් පමණ බව පොලිසිය සදහන් කරයි.

අලුයම් කාළයේදි කිසියම් පුද්ගලයකු බස් රථයකට ගිනි තබා දිව යන ආකාරය අසල නිවසක සවිකර තිබු සිසිටිවි කාමරාවක සටහන් වි තිබේ.

 



අදහස් (3)

ගරාජයේ තිබූ බස් රථ හතරකට ගිනි තියලා

Kule Wednesday, 21 August 2024 01:18 AM

මෙවැනි රටට, ජාතියට හෙණගහන අපරාධවලින් මැදපෙරදිග වැඩකරන අපේ අහිංසක ජනතාව මෙරටට එවන ඩොලර් ටිකයි විනාශ වුණේ...

:       0       0

Lalla Wednesday, 21 August 2024 09:09 AM

ඊර්ෂ්‍යාව මානසික රෝගයක්. වගකිව යුත්තා මානසික රෝහලට කොටුකළ යුතුයි.

:       0       1

Prabath Wednesday, 21 August 2024 09:10 AM

ආයෙත් ගිනි තියන සංකල්පය ඇවිල්ලා වගේ. කාගෙද මේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site