ජේ ඒ එල් ජයසිංහ
මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති.
අවසන් පෙරහර නැරඹීමට පෙරේදා (18) රාත්‍රියේ සිට පැමිණ පෙරහර ගමන් කරන මාර්ග දෙපස ඉටිකොළ එළා සිටි තමන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති යැයි ඔවුහු චෝදනා කරති.
වැසිකිළි යාමට නිසි පහසුකම් නොමැතිවීමෙන් කාන්තාවෝ සහ කුඩා දරුවෝ දැඩි අසීරු තත්ත්වයට පත්වී සිටියහ. නරඹන්නන් පැවසූයේ විවිධ ස්ථානවල ජංගම වැසිකිළි ස්ථාපිත කර තිබුණද ඒවා ඉබි යතුරු යොදා අගුල් දමා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය.
“ නගරයේ ස්ථාන කීපයක පොදු වැසිකිළි තිබෙනවා. ජනතාව වෙනුවෙන් මහනුවර මහ නගර සභාවේ වැසිකිළි සංකීර්ණය වෙන් කර තිබෙනවා. ජංගම වැසිකිළි සැපයීම සඳහා නගර සභාව වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් වී නැහැ. දළදා මාලිගාවෙන් නගරයේ ස්ථාන කීපයක ජංගම වැසිකිළි ස්ථාපිත කර තිබෙනවා. ජනතාවගේ දුෂ්කරතාව පිළිබඳව අවධානය යොමු කර ලබන වසරේ වැසිකිළි පහසුකම වැඩි කටයුතු කරනවා ” යැයිද කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ප්‍රතිපාදන ලැබෙන්නේ පෙරහැර ඉවරවුණාමද කොමසාරිස්තුමිය, ඔය පුටුව ළමයෙකුට දෙන්න...
අම්මෝ තැන්කූ කුමාරි මිස්. ලබන පාර පෙරහැර කාලේ වෙනකල් අල්ලාගෙන ඉන්නම් එහෙම අමාරුවෙන් හරි... තැන්කූ ආයෙත්...!
ඒකනේ.... ලබන වසර වෙනකන් ඔයාලා කොහොම හරි අල්ලගෙන, ඉවසගෙන ඉන්න මෙයාලා....
වැසිකිළි කැසිකිලි යාමට ලබන වසර වනතුරු ඉන්නෙ කොහොමද කියලා හිතාගන්න බැහැ. දෙවනුව මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු සදහා ඉස්සර කාන්තාවන් පත්කලේ නැහැ .ඔන්න පත්කලාම වෙලා තියෙන දේ කියලා හිතෙනවා
මහ නගර සභා පුාදේශිය සභා මෙම කටයුතු සදහා භාවිතා කල හරක්
මහනුවරට එන්නේ වැසිකිළි යන්නමද?
මේ අවුරුද්දේ දාන්න හිටපු දේ ඊළඟ අවුරුද්ද වෙනකල් අල්ලන් හිටහල්ලකෝ... අරයට මෙයාට කිය කිය ඉන්නේ... දළදා මාලිගාවේ රාජකාරියක්ද සනීපාරක්ෂක කටයුතු... වැඩ බැරි ටාසන්ට බදු ගෙවන ජනතාවගේ මුදලින් යැපෙන අය...
සංචාරක කර්මාන්තයේ මූලිකම අවශ්‍යතාවය වැසිකිලි පහසුකම් පිරිසිදුව සැපයුම. ඔය ලොකු නිලධාරීන් තායිලන්තය, මැලේසියාව වගේ රටවලට යවලා ඒ රටවල් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන විදිය පෙන්වන්න. කඩවල තියෙන ජරා වැසිකිලිවලට යන්න දේශීය හෝ විදේශීය සංචාරකයින්ට බෑ. නගරවල වැසිකිළි නැති තරමට හිඟයි. උදාහරණ ලෙස කඩවත කිරිබත්ගොඩ ජනාකීර්ණ නගර.. ඒත් කිසිම පොදු වැසිකිළියක් නෑ. නමට ඉන්න පිම්පි මන්ත්‍රීලා ඕවා ගැන දන්නෙත් නැතුව ඇති...
වැසිකිළි හැදීමට ප්‍රතිපාදන නැති නිසා වැසිකිළි නොගොස් ඉවසීමට පුරුදු වෙමු...!