IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති ජාත්‍යන්තර සමුළුවක් අමතයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කර ගනිමින්  ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වලට එළඹීම  ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන්  දුෂ්කරතා  අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවේ සිය ස්තූතිය පිරිනමන බව කීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.

“තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. 



අදහස් (5)

ජනපති ජාත්‍යන්තර සමුළුවක් අමතයි

ජගත් ලියනගේ Monday, 19 August 2024 12:10 PM

අන්තිම කාලේ නේ. පුළුවන් තරං අමත ගන්නයි තියෙන්නේ .

:       14       9

පිනා Monday, 19 August 2024 12:25 PM

ඔව්. ඉන්දියාවේ ත්‍යාගශීලී බව හින්ද තමයි අපේ රටට ඩොලර් අදායම් ලැබෙන එයාර්පෝර්ට් එකේ වීසා සා නිකුත් කරන එකත් රනිල් ඉන්ද්යානු සමාගමකටම දුන්නේ , ඉන්දියානු අගමැතිට වඩා ඉන්දියානු ආර්ථික ගොඩගැනීමට රනිල් මහන්සිවෙනවා

:       11       12

sukitha Monday, 19 August 2024 01:02 PM

වික්‍රමසිංහ මහත්තයෝ, ඔබතුමාගේ ප්‍රශ්නේ එකක්. අපේ ප්‍රශ්නේ වෙන එකක්. ඔබතුමාගේ උත්තරේ එකක්. අපේ උත්තරේ වෙන එකක්. ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර රට ජනතාව අමතක කරන්න.

:       10       4

Rata Perata Monday, 19 August 2024 02:48 PM

අපේ රටට පිනක් තිබිලා කවදාහරි දවසක නියම නායකයකේ පත් උන දවසට තේරෙයි ,මේ පිස්සෝ අවුරුදු 75 ක් රටට කරපු විනාශයේ තරම

:       8       6

Prabha Monday, 19 August 2024 03:25 PM

සිලින්ඩර් සීයාගේ සිහින

:       11       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site