
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කර ගනිමින් ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් වලට එළඹීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලාංකීය ජනතාව වසර දෙකක් පුරා මුහුණදුන් දුෂ්කරතා අවම කර ගනිමින් බංකොලොත් භාවයෙන් මිදීමට හැකි වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ සහ ඉන්දියාවේ ත්‍යාගශීලීභාවය නිසා බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවේ සිය ස්තූතිය පිරිනමන බව කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ගෝලිය දකුණේ හඩ සමුළුවේ රාජ්‍ය නායක සැසිය අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.
“තිරසර අනාගතයක් සඳහා සවිබල ගැන්වූ ගෝලීය දකුණක්” යන තේමාව යටතේ තුන්වැනි වරට පැවත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම කාලේ නේ. පුළුවන් තරං අමත ගන්නයි තියෙන්නේ .
ඔව්. ඉන්දියාවේ ත්‍යාගශීලී බව හින්ද තමයි අපේ රටට ඩොලර් අදායම් ලැබෙන එයාර්පෝර්ට් එකේ වීසා සා නිකුත් කරන එකත් රනිල් ඉන්ද්යානු සමාගමකටම දුන්නේ , ඉන්දියානු අගමැතිට වඩා ඉන්දියානු ආර්ථික ගොඩගැනීමට රනිල් මහන්සිවෙනවා
වික්‍රමසිංහ මහත්තයෝ, ඔබතුමාගේ ප්‍රශ්නේ එකක්. අපේ ප්‍රශ්නේ වෙන එකක්. ඔබතුමාගේ උත්තරේ එකක්. අපේ උත්තරේ වෙන එකක්. ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර රට ජනතාව අමතක කරන්න.
අපේ රටට පිනක් තිබිලා කවදාහරි දවසක නියම නායකයකේ පත් උන දවසට තේරෙයි ,මේ පිස්සෝ අවුරුදු 75 ක් රටට කරපු විනාශයේ තරම
සිලින්ඩර් සීයාගේ සිහින