
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොළඹ පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවි තිබිම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවඅද( 19 ) පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
ආපදා කළමණාකරණ ඒකකයෙ පුත්තලම කාර්යාලය පවසන්නේ මේ වන විට මහවැව තනිවැල්ල දේවාලයෙ සිට මහවැව නගරය දක්වා මාර්ගයෙ ජලය පිරි ඇති බවත් ඇතැම් ස්ථාන වල අඩි තුනකටත් වඩා ජල කදක් මාර්ගය වසා පැවතිම හේතුවෙන් ගමනා ගමනය ඉතා අවදානම් බවයි.
මෙම තත්වය මතුව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයට නොකඩවා ඇද හැළුන මහ වැසි මහවැව ලුණූ ඔය හා හැමිල්ටන් ඇල පිටාර ගැනිමත් සමග බව කියයි.
ජලයෙන් යටවු මාර්ගයෙ වාහන ගමන් කිරීම අවධානම් බව මාදම්පේ හා මාරවිල පොලිස්ථාන පවසයි.
මෙම තත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ගමන යාමේන් වැලකි මාර්ගයෙ ගමන් කිරීම තාවකාලිකව නවතා දැමිම තුලින් අනතුරු වලකා ගැනිමට හැකි බව පොලිස් නිලධාරීන් පවසයි.


2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ පුත්තලම පාරේ ගමනාගමනයට බාධා