
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
මෙවර ජනාධිපති වරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බලන්ගොඩ ශ්‍රී ධමිමානන්ද පිරිවෙනේ විහාරස්ථානයට අද (19) දා පස්වරුවේ පැමිණ අමරපුර නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
"අපගේ අසිරිමත් රට යලි ගොඩ නගමු ! මැයෙන් ඉදිරිපත් කර ඇති ඒ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා නායක හිමියන් වෙත පිළිගැන්විමද එහිදී සිදු කලේය.
එම ප්‍රතිපත්ති ප්‍රකාශනය හිටපු අග්‍රවිනිෂ්චකාර සරත් එන් . සිල්වා මහතා සමග එක්ව සකස් කල බවද රොෂාන් රණසිංහ මහතා එහිදී මහානාය හිමියන් වෙත කියා සිටියේය.
තරණයන් ඉල්ලු වෙනස, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම , කොටිඨාශ ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම යන ප්‍රධාන ප්‍රතිපක්ති කිහිපක්ද එයට ඇතුළත් කර ඇති බව ඒ මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොහොම හරි අපිව බේරගන්න. ඔයා විතරයි අඩු... පොලොන්නරුවේ අපි කොන්ඩේ බැඳලානේ ඉන්නේ... කැලෑපාලුවා ජනාධිපති කරමු.
ඔබතුමා තනිව ගමනක් යන්න එපා. ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්.
නියම කෙනෙක්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා තියෙන්නේ. අන්තිමට කියයි ‘‘ සමාවන්න මට‘‘ කියලා...
අදටත් මෙරට තිබෙන ක්‍රිකට් පාලන මාෆියාවට එරෙහි සැබෑ සටනක් කල එකම පුද්ගලයා .