
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (19) සිදු කෙරුණු අතර එහිදී සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාට අනුරාධපුර දිස්ත්‍රික් එජාප සංවිධායකවරයෙක් ලෙස පත්වීම ප්‍රදානය කෙරිණි.
මීට අමතරව හිටපු අමාත්‍ය පී.හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක මහත්වරු අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලිපි ලබා ගත්හ.
ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී .තිස්ස කුට්ටිආරච්චි මහතා සහ පී.දේවක වීරසිංහ මහත්වරු පත්වීම් ලිපි ලබාගත්හ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , ජාතික සංවිධායක සාගල රත්නායක , කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක , හිටපු අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ වෙනත් දේශපාලන පක්ෂ සහ සංවිධාන වල නායකයෝ මීට සහභාගී වූහ.මේ අතර කලාප සංවිධායකවරුන් 295 දෙනකු වෙනුවෙන් පත්වී ලිපි ප්‍රදානය ද මෙහිදී සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් විය යුතුයි
මේ පත්වීම් ගත්තු අය ඔක්කෝම ගොන් කඳන්...!
කුණු කූඩෙට විසිවෙලා තිබුණා කහල ගොඩවල්...
මතකද මෙයා ගාල්ල බස්ටෑන්ඩ් එකේ යකඩ වැටක් කපලා අලාබෙ ගෙව්ව යහපාලනය ආපු ගමන්, මේ වගේ කඳ බඩ විතරක් තියෙන මොළේ කලඳක් නැති අය තමයි රනිල්ටත් සජිත්ටත් එකතුවෙන්නේ...!
මුතුහෙට්ටි මහින්දගේ කෙනෙක්. සිලින්ඩරේ එක්කම ගෑසුත් බහී...?
මුතුහෙට්ටිගම උන්නැහේගේ අර නීති විරෝධී කියලා එකලස් කරපු වාහනේ නඩුවට මොකක්ද වුනේ..?
ඉවරයි ඉවරෙටම ඉවරයි... එජාපය නැත්තටම නැතිවුණා කියන්න පුළුවන්... මොකටද තිස්ස කුට්ටි හා මුතු හෙට්ටි ගත්තේ කියලා අහන්න හිතෙනවා...!
ආයුබෝවන්..! ගෑස් සිලින්ඩර් කාරයෝ...!
නිශාන්තගෙන් ස්වාධීනට මොලේ පරීක්ෂාවක් නැති නම් යූඇන්පී සංවිධායක තනතුරු බෙදන්නේ කොහොමද 2015 ගාල්ලේ දී ගුටි කාපු unp ටොයියන්ට දැන් සැපද..?
රංගෙට දිට්ඨ ධම්ම වගේ...!
මට නම් පෙනෙන විදිහට අබලන් වූ බරබාග වගේ. පින්තුරවල ඉන්න ඔක්කෝම අය කල් ඉකුත්ව ගිය කට්ටිය නේද?
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක කම් දෙන්නේ කොහොමද? ඒ කියන්නේ ස්වාධීන අපේක්ෂක කතාව බොරුවක්...?
බලාගෙන ගියාම එක්සත් ජාතික පක්ෂයට සංවිධායකයෝ ඉඳලා නෑනේ. හරියට මැරිච්ච පක්ෂයක් වගේ...!