IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මුතුහෙට්ටිගම - ඉෂාක් රහුමාන්ටත් එජාප සංවිධායක ධුර

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  අද (19) සිදු කෙරුණු අතර එහිදී සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාට අනුරාධපුර දිස්ත්‍රික් එජාප  සංවිධායකවරයෙක් ලෙස පත්වීම ප්‍රදානය කෙරිණි.

මීට අමතරව හිටපු අමාත්‍ය  පී.හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක මහත්වරු  අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලිපි ලබා ගත්හ.

ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම  හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී .තිස්ස කුට්ටිආරච්චි මහතා සහ පී.දේවක වීරසිංහ මහත්වරු  පත්වීම් ලිපි ලබාගත්හ.

 එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , ජාතික සංවිධායක සාගල රත්නායක , කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක , හිටපු අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ වෙනත් දේශපාලන පක්ෂ සහ සංවිධාන වල  නායකයෝ මීට  සහභාගී වූහ.මේ අතර කලාප සංවිධායකවරුන් 295 දෙනකු වෙනුවෙන් පත්වී ලිපි ප්‍රදානය ද මෙහිදී සිදුවිය.

 

 

 

 

 



අදහස් (13)

මුතුහෙට්ටිගම - ඉෂාක් රහුමාන්ටත් එජාප සංවිධායක ධුර

pradeep Monday, 19 August 2024 03:38 PM

ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් විය යුතුයි

:       8       28

සෑම් Monday, 19 August 2024 03:54 PM

මේ පත්වීම් ගත්තු අය ඔක්කෝම ගොන් කඳන්...!

:       0       0

Perera Monday, 19 August 2024 04:06 PM

කුණු කූඩෙට විසිවෙලා තිබුණා කහල ගොඩවල්...

:       0       0

සෙනෙවිරත්න Monday, 19 August 2024 04:16 PM

මතකද මෙයා ගාල්ල බස්ටෑන්ඩ් එකේ යකඩ වැටක් කපලා අලාබෙ ගෙව්ව යහපාලනය ආපු ගමන්, මේ වගේ කඳ බඩ විතරක් තියෙන මොළේ කලඳක් නැති අය තමයි රනිල්ටත් සජිත්ටත් එකතුවෙන්නේ...!

:       0       0

ගමේ එකාලා Monday, 19 August 2024 04:32 PM

මුතුහෙට්ටි මහින්දගේ කෙනෙක්. සිලින්ඩරේ එක්කම ගෑසුත් බහී...?

:       0       0

ජයනත් Monday, 19 August 2024 04:35 PM

මුතුහෙට්ටිගම උන්නැහේගේ අර නීති විරෝධී කියලා එකලස් කරපු වාහනේ නඩුවට මොකක්ද වුනේ..?

:       0       0

Ananda Monday, 19 August 2024 04:50 PM

ඉවරයි ඉවරෙටම ඉවරයි... එජාපය නැත්තටම නැතිවුණා කියන්න පුළුවන්... මොකටද තිස්ස කුට්ටි හා මුතු හෙට්ටි ගත්තේ කියලා අහන්න හිතෙනවා...!

:       0       0

Dharmatileke Monday, 19 August 2024 05:51 PM

ආයුබෝවන්..! ගෑස් සිලින්ඩර් කාරයෝ...!

:       0       0

ප්‍රියා Monday, 19 August 2024 06:12 PM

නිශාන්තගෙන් ස්වාධීනට මොලේ පරීක්ෂාවක් නැති නම් යූඇන්පී සංවිධායක තනතුරු බෙදන්නේ කොහොමද 2015 ගාල්ලේ දී ගුටි කාපු unp ටොයියන්ට දැන් සැපද..?

:       0       0

Lala Monday, 19 August 2024 06:20 PM

රංගෙට දිට්ඨ ධම්ම වගේ...!

:       0       0

Lalla Monday, 19 August 2024 09:12 PM

මට නම් පෙනෙන විදිහට අබලන් වූ බරබාග වගේ. පින්තුරවල ඉන්න ඔක්කෝම අය කල් ඉකුත්ව ගිය කට්ටිය නේද?

:       0       0

Raman Monday, 19 August 2024 10:20 PM

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක කම් දෙන්නේ කොහොමද? ඒ කියන්නේ ස්වාධීන අපේක්ෂක කතාව බොරුවක්...?

:       0       0

B Amarasinghe Tuesday, 20 August 2024 01:29 AM

බලාගෙන ගියාම එක්සත් ජාතික පක්ෂයට සංවිධායකයෝ ඉඳලා නෑනේ. හරියට මැරිච්ච පක්ෂයක් වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site