IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’මඩ ගැහුවට රැවටෙන්න එපා’’

(ආරියරත්න රණබාහු)

මේ වන විට ජාතික ජන බලවේගයට එරෙහිව විවිධ අසත්‍යය චෝදනා සහ මිථ්‍යා කථා සමාජය තුළ පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බැවින් ඒවාට අසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම පක්ෂයේ නායක  ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  අද(19) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය

පසුගිය දිනක දකුණු පළාතේපැවති මාලිමාවේප්‍රචාරක රැලි වලට අති විශාල ජනතාවක් රොද බැඳ ගත්  ආකාරය  දැකීමෙන් සතුරු පාර්ශවය ඉතාවේගයෙන් කලබල වී ඇතැයි පැවසූ දිසානායක මහතා එම නිසාම ඔවුන් තම පක්ෂයට එල්ල කරන ප්‍රහාර සහ  අභූත චෝදනා වැඩිකර ඇතැයිද කීය.

එයින් එක් පිරිසක් නගන  ප්‍රධාන චෝදනා අතර තම පක්ෂය බලයට පැමිණියහොත් පෙරහැරවල් තහනම් කිරීම ආගමික හා සංස්කෘතික උත්සව   පැවැත්වීමට ඉඩ නොදීම කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර පවරා ගැනීම ආදිය බව කී  දිසානායක මහතා  මේවා පට්ටපල් බොරු බවත් මේ රටේ පවත්ව න. ඕනෑම ආගමික සංස්කෘතික කටයුත්තක් පවතින ආකාරයෙන් නිදහස්ව පැවැත්වීමට ඉඩ දෙන බවද ව්‍යාපාර සහ  කර්මාන්තශාලා  දියුණු කිරීම සඳහා රජයක් මඟින් කළ යුතු සියලු ආධාර උපකාර කරන බවද පැවසීය.

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමෙන් පසු කිසිදු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයෙකුට නියතුඩක හෝ හානියක් වීමට නොතබන බවද ඒ සියලු වගකීම පක්ෂයක් ලෙස භාරගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.

බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය



අදහස් (9)

’’මඩ ගැහුවට රැවටෙන්න එපා’’

Prabha Monday, 19 August 2024 07:01 PM

2024 වෙලත් 88/89 ගැන කතාකරන අයට...!

:       17       69

NimalTuesday, 20 August 2024 09:32 AM

දැන් ඕවා කතා කරලා වැඩක් නෑ...

:       3       10

PrabathTuesday, 20 August 2024 02:08 PM

ඇයි 2022 - 2023 මතක නැද්ද? සම්බන්ධ නැද්ද? බැටළු හම ගැලවුණා 2022ත්...

:       0       0

සෙනෙවිරත්න Monday, 19 August 2024 08:30 PM

ඔය පෙරහැරවල් ගැන කතා කරපු කෙනා එන් පීී පී යට නොගත්තු නිසා පලිගන්න කරන කතා. රනිල් කියන බොරුව තමයි ජනාධිපතිකම බාර නොගෙන පැනලා ගිය බව, එහෙම දෙයක් ආරාධනයක් කලේ නැති බව ගෝඨාභයගේ පොතේත් තියෙන එකේ රට පුරා පච කියනවා ජනාධිපති ධුරයටත් නොගැලෙපෙන විදියට. මෙයාලාගේ එකම හතුරා මාලිමාව තමයි. මාලිමාවට අභියෝගයක් නැත...

:       0       0

Priyantha Dissanayake Monday, 19 August 2024 08:54 PM

බොහෝම ස්තුතියි... ඔබතුමාම ඒවා සිහිපත් කරදීම පිළිබඳව. කරුණාකර නිහතමානී වන්න... ඔබලාට වඩා විනාශයක් කළ කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා ඇවිත් ඡන්දය ඉල්ලුවා. ඡන්දය ලැබුණා, මැති ඇමැතිකම් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහා ප්‍රතාපවත් පක්ෂයේ උප සභාපතිකම පවා ලැබුවා. ඒ කොහොමද? එතෙක් කළ දේවල් වැරැදියි... ඒවා නිවැරැදි කරගන්නවා කියා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආපු නිසා. ඉතිං ඔබතුමන්ලාත් ඒ බව පැහැදිලිව කියන්න. සහ ඔබතුමන්ලාගේ ඔය නිරාගමික කථා සහ සංස්කෘතියට ගරහන කථා නතර කරගන්න. කරුණාකර කියන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්ති ප්‍රකාරව බුදුසසුන ආරක්ෂා කොට සුරක්ෂිත කරන බව. එසේ නොවන තාක් නම් ඔබතුමන්ලා බලයට ඒම සිහිනයක් පමණයි. අතීතය කියානොදුන් දෙමාපියන්ගේ දරුවන් ලක්ෂ කිහිපයක් ඇති ඔවුන් මෙලෝදෙයක් දන්නේ නැහැ. ඔවුන් දන්නේ සමාජ මාධ්‍යවල අසෝභනව හැසිරෙන්න... මඩගහන්න පමණයි. ඔවුන් දන්නේ නැහැ මාක්ස්වාදය කියන්නේ කුමක්ද කියාවත්, එසේවූවා ඔබතුමාලාගේ ඔය සිටින ලක්ෂ 15ක් පමණ පිරිසෙන් රැස්වීම් පැවැත්වෙන ස්ථානවලට කැපවීමෙන් එනවා දහස් ගාණක්. ඒ ලක්ෂ 15ට තව ලක්ෂ කිහිපයක් එකතුවුණාම ජනාධිපති වෙන්න බැහැ. විජේවීර මහත්තයාගේ කාලේ ඔයිට වඩා සෙනඟ හිටියා...

:       0       0

විජිත් Tuesday, 20 August 2024 01:56 AM

ජයවේවා !!! මාලිමාවට ඡන්ද කෝටියක් !!! ඡන්දෙ දෙන්නේ අපිනේ...

:       0       0

වන්නකු Tuesday, 20 August 2024 05:56 AM

බටලන්ද ගැනක් මතක් කරමු

:       0       0

fairoos Tuesday, 20 August 2024 11:13 AM

ලංකාවේ බයියන් ඉන්නකම් රට ගොඩගන්න බෑ...

:       0       0

Prabath Tuesday, 20 August 2024 02:10 PM

ඔයාලගේ මැට්ටන්ගේ මැටි ටික කොහොමද? ඒවා ගැහිලි නෙවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site