IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘‘ගොවියා ශක්තිමත් කිරීම අපේ අරමුණයි‘‘

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යය කෘෂිකර්මාන්තය විනාශ කිරීම වුවත් ගොවියා ශක්තිමත් කිරීම තම අරමුණ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෘෂිකර්මාන්තය නගා සිටුවමින් රටේ ආර්ථිකය ශක්තිමත් කොට සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අකුරැස්ස නගරයේ පැවැති ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යන තුන්වැනි ජන රැළිය අමතමින් ඔහු මේ බව කීවේය.

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ජනතාව අසරණ වී සිටි අවස්ථාවේ ඒ ගැන අවස්ථා ගණනාවක දී තමා ඇතුළු සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කළ බවත් ඒ අවස්ථාවල කරුණු ඉදිරිපත් කරන විට රජය ඒ ගැන තඹ සතයකවත් ගණන් ගැනීමක් නොකළ බවත් ඔහු සඳහන් කළේය.

මේ ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබූ මොහොතක වන්දි නොලැබුණු ගොවි ජනතාවට වන්දි ලබා දෙන්න යැයි ඉල්ලීමක් කළ විට වත්මන් ජනාධිපතිවරයා මේ ප්‍රදේශයේ කුඹුරු අක්කර 10000ක් ආණ්ඩුවට ගැනීමට තීරණය කර ඇති බවත් ගොවිබිම් අක්කර 10000 ආණ්ඩුවට ගෙන වෙනත් කටයුතුවලට යොදවීමට තීරණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන විට වත්මන් ජනාධිපතිවරයා විසින් ‘කෘෂිකර්මාන්තය අප රටට ඔබින්නේ නැත’ යනුවෙන් එවක කියා සිටි බවත් විපක්ෂ නායකවරයා කීවේය. ඔහුට කෘෂිකර්මාන්තය වටින්නේ නැති වුවත් තමාට ගොවියා සහ කෘෂිකර්මාන්තය වැදගත් බවත් මේ නිසා සමගි ජන බලවේගයේ විසඳුම වන්නේ මේ ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට විසඳුමක් ලබා දී මේ ගොවිබිම් ආරක්ෂා කර එම මුදල් උපයෝගී කර ගෙන තවත් විදේශ ආධාර ලබා ගෙන නිල්වලා ගඟ ව්‍යාපාරයේ අතිරික්ත ජලය වියළි කලාපයට ගෙන යන වැඩසටහන් සිදු කිරීම බවත් ඔහු පැවසීය.

අද වන විට තේ කර්මාන්තශාලා බරපතල අර්බුධයකට ලක්ව ඇති බවත් නැවත වගාවට සහනයක් නොලැබෙන බවත් අධික මිලක් ගෙවිමට සිදුවන බවත් එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාවට දරාගත හැකි මුදලකට කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම් ලබා දෙනවා සේම ගුණාත්මකභාවයෙන් ඉහළ යෙදවුම් ලබා දෙන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේ ම කුරුදු කර්මාන්තයෙන් අපේක්ෂිත ප්‍රතිඵල මේ වන විට ලබා ගත නොහැකි නිසා එම ක්ෂේත්‍රයට ද සුහුරු කෘෂිකර්මාන්තය හඳුන්වා දී අපනයන වෙළෙඳ ක්ෂේත්‍රයේ තවත් වෙළෙඳපොළවල් රාශියක් ආක්‍රමණය කළ හැකි තැනට පත් කරන බවත් යුරෝපයට ජපානයට යැවිය හැකි ගුණාත්මකභාවයෙන් ඉහළ කුරුදු වගාවකට යොමුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා සේම සුහුරු තාරුණය නිර්මාණය කරන්නට නව තාක්ෂණ ක්‍රමවේදවලට රටේ තරුණයන් නිදහසේ නොමිලේ පුහුණුව ලබා ගන්න අවස්ථාව ලබා දෙන බවත් යොවුන් සේනාංක, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වැනි ආයතන හරහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවෙන නිසා මේ ආයතන තවදුරටත් ශක්තිමත් කර ඉන්දියාවේ මෙන් IIT මෙන් ම IIM වැනි ආයතන ඇති කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

‘‘ගොවියා ශක්තිමත් කිරීම අපේ අරමුණයි‘‘

Banda Sunday, 18 August 2024 10:36 PM

පට්ට බොරු නේ මේ කියන්නේ. රනිල් එක්ක අලගු තියන්න වත් පුලුවන් මිනිහෙක්ද මේ කතා කරන්නේ? කියන දේ සහ කරන දේ අතරේ වෙනසක් තියෙනවා නම් ඒ හොරෙක්. රනිල් සහ එක්සත් ජාතික පක්‍ෂය බලයට ආපු හැමවිටම ගොවියා ඇතුලු සියලු සුළු කර්මාන්ත​, ආයෝජන කරපු අයගේ ආදායම වැඩිවුනා, අතට සල්ලි ආවා. වගා බිම් වැඩි කලා, පොහොර සහනාධාර දුන්නා. ගම් බිම් වල වගා බිම් වැඩි දියුනු කරන්නට, වගාවට බිම් නිදහස් කර ගැනීම උදෙසා විශාල නගර සැළසුම් ක්‍රියාත්මක කලා, ගොවි නිළධාරී ක්‍රමය ඇති කලා. කිසිම දවසක කුඹුරකට බැහලා නැති, වල් පැළයක් වත් හිටවලා නැති අපතයන් බොරු අවලාද නගන්නේ තමන් ගේ නොහැකියාව වසා ගැනීම මගින් ජනතාව රවටා බලය ගැනීමේ තණ්හාව නිසාය​. ඒත් බලය ලැබුනොත්, කර ගැනීමට නොහැකිව දාලා දුවන එක හැර වෙන කිසිම ව්කල්පයක් ඇතැයි සිතිය නොහැකිය​. බණ්ඩා

:       4       11

විජිත් Monday, 19 August 2024 01:07 AM

# මාලිමාවට චන්ද කෝටියක් !!!

:       8       11

Nandasena Monday, 19 August 2024 05:56 AM

රටේ විනාශය ඇතිකල පොහොට්ටුවො එකතුකර ගෙන නායක නියෝජ්‍ය නායක දෙපිලකට බෙදිල නායකත්වයට දැගලිල්ල හරියට ඌරො කැකුණ තලනවා වගේමයි ඔය දෙගොල්ලම කැකුණ තලනවෙලාවෙ අමතක කරන්න එපා ඔය වැඩෙන් වෙන්නෙ හබන් කුකුළන්ට රජ මගුල් කියලා (අප්පා කලදේ පුතා නොකලොත් නොට්ටිගෙ පුතා කියලා කියමනක් තියෙනවා

:       3       11

RataperataMonday, 19 August 2024 12:49 PM

කරුණාදාස කියන ජ්‍යෝතිෂවේදියා කියන්නෙ අප්පා ජනාධිපති වුනා කියලා පුතෙකුට ජනාධිපති වෙන්න බැහැ කියලා තමයි.ඒත් ඇමරිකාවෙ නම් එහෙම වෙලා තියෙනවා නේද

:       3       2

bandara gajanayake Monday, 19 August 2024 05:09 PM

අනුර කුමාර තමයි ඊළඟ ජනාධිපති...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1124 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site