
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන මුදල රුපියල් 20 ක උපරිමයකට යටත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ධූර අපේක්‍ෂක ජනක රත්නායක මහතා මැතිවරණ කොමිසමට ලිපියක් භාරදුන්නේය.
මැතිවරණ වියදම් නියාමන යටතේ මැතිවරණ කොමිසම කළ මත විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමඟි ජනබලවේගය ඡන්දදායකයෙක් සඳහා රුපියල් 300 ක් සහ රුපියල් 250 ක් යෝජනා කළ බවත් ජාතික ජනබලවේගය ඡන්දදායකයෙක් සඳහා රුපියල් 200 ක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල 250 ක් යෝජනා කළ බවත් ජනක රත්නායක මහතා පවසයි.
එම අපේක්‍ෂකයන් යෝජනා කළ පරිදි මැතිවරණය සඳහා යෝජනා කළ අති විශාල මුදල පිළිබඳව දැඩි ගැටලුකාරී තත්වයක් මතු වන බව කියන රත්නායක මහතා උපරිම මුදල රුපියල් 20 ක් ලෙස තීරණය කරන ලෙස ඉල්ලා සිටින බව ද කියා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ජනක නාමල් ගැන කියන්නෙ නැත්තෙ .රැකියාවක් නොකර උසාවිවල නීති වේදියෙක් හැටියට කිසිවක් නොකර වැඩිම මුදලක් වියදම් කරන්න නාමල්ට මුදල් කොහෙන්ද කියලා .දූෂණයට විරුද්ධව කටයුතු කරනවා කියන ජනකට නොතේරීම පුදුමයක් තමයි
මේකා නේද පුද්ගලික ලේකම් අනියම් සම්බන්ධතා සදහා තියා ගත්තෙ? දැන් ඒ ගෑනි රටෙත් නෑ මූට බයේ.
Rs.20 ? පිස්සෙක්
මේ මනුස්සයාගේ මොලය ටිකක් චෙක් කරොත් හොඳයි මට ඉතෙනවා.
නෑ බං... ඔය කියන්නේ... රු.20 × 1,75,00,000 (එක්කෝටි හැත්තෑපන් ලස්සේ) Total - 35,00,00,000 (කෝටි 35) දැනට ඔක්කොමල කෝටි 250 ඉක්මවලා තියෙන්නෙ බජට් එක ඕවර් වෙලා සල්ලි විසි කරනවා . සල්ලි විසිකරනව.