
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශ මත නවතා දමා ඇත.
මන්නාරම, වවුනියාව, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අනුමැතිය ලබාගෙන තිබිණි. ඉතා ඉක්මනින් සංවර්ධනය විය යුතු බවට අදාළ දිස්ත්‍රික්කවල ජනතාව, ග්‍රාම සංවර්ධන සමිති, සුබසාධන සංගම් සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම් මත පදනම්ව ව්‍යපෘති ආරම්භ කළ බව ඒ පිළිබඳ අදහස් දක්වමින් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා දින අදාළ දිස්ත්‍රික්ක හයේ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මිය මාර්ගෝපදේශ සපයා ඇත්තේ අදාළ ව්‍යපෘති අත් හිටුවන ලෙසත් ඒ සඳහා වෙන්කළ ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකරන ලෙසත්ය.
එලෙස මාර්ගෝපදේශ නිකුත් කරමින් යොමුකළ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මියගේ අත්සනින් යුත් ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගත් තීරණය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කළේදැයි සැකයක් පවතින බවයි.
එසේම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇතැම් පුද්ගලයන් සහ නිලධාරීන් සදාචාර විරෝධීව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි තමන් විශ්වාස කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශයන් අවලංගු කරමින් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.
සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඉඩ ලබා නොදුනහොත් අකැමැත්තෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවත් අදාළ දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන් විශ්වාස කරන බවත් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.
(සන්ඩේ ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට සහය දුන්නෙ නැත්තං වෙන දේ දැක්ක නෙ
දැන් එතකොට ඔබතුමා කපපු ගස් ටික හිටවලා ඉවරද ?
පැත්තකට විතරක් බර මේ මිනිසුන් මෙච්ච කාලයක් බලයේ ඉන්නවා. එන එන නායකයා මොවුන්ට හොරා කන්න සහාය දෙනවා. ඒ හොර රංචුවම තමයි මේ පාරත් එහෙට මෙහෙට පණින්නෙ.
අපි නම් සජිත්ට ඡන්දෙ දෙන්නෙ නැත... ඒ ඇයි? සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා
සන්ක, ඔව් ඔට්ටු කාරයෝ ක්‍රිකට් වලට බැහැලා කියපු අර්ජුනත් ඔට්ටු දාන තිලංගත් සජිත් ළඟ, ටිං ටිං ක්‍රමයට සජිත් ප්‍රශ්න විසඳනවා කියපු පාඨලිත් එයා ළඟ...
රනිල් කියන්නේ කවදත් නීතිය ගණන් ගත්තේ නැති කෙනෙක්...!
විල්පත්තුවේ කැලේ කපන එකත් නැවැත්තුවාද?
ගෙදර වැඩට හිටපු ළමයා ඉබේ ගිනි අරගෙන... මෙයා මෙයාගේ ගෑණි එළියේ.. මාර නීති... එල්ලුම් ගහ මොවුන්ට තමයි...
මේ මනුස්සයා ළඟට එන ඕනේම කෙනෙක් ගන්නවනේ... ප්‍රමාණයට වඩා තත්වය බලන්න ළමයා...
බදියුදින්ට මම පොඩ්ඩක්වත් කැමති නෑ. නමුත් මේවා නවත්වනවානම් කළුතර පැත්තේ අලි සබ්‍රි කරන ඒවත් නවත්වන්න. ඔහුට අලුතින් ඇමතිකමකුත් දුන්නා. දැන් වැඩි දවසක් නෑ ඔහුගේ ජනතාව වැඩියෙන් ඉන්න පැත්තේ ඔහුගේ මහ ගෙවල් කිට්ටුව පාරවල් කාපට් කරා. අලි සබ්රිගේ නමත් ගහලා තිබුණා. කළුතර නගරයට දකුණින් තිබෙන වෙට්ටුමකඩ හන්දිය සහ කටුකුරුන්ද ප්‍රදේශ පුරා දැන් අලි සබ්‍රිගේ වැඩ තියෙන්නේ. ඇත්ත රනිල්ට සහාය දක්වන අයට තිබෙන වරප්‍රසාද තමයි මේ. එතකොට මන්නාරම පරිප්පු කන්න ඕනෑ රනිල්ට එරෙහිව යනවාට?
ඔයා රනිල්ගෙන් සල්ලී පාස්කර ගත්තේ රනිල්ට සපොර්ට් කරනවා කියලා පොරොන්දු වෙලාද? මුලින්ම ඒක රටට කියලා ඉන්න. තමන්ට සපොර්ට් නොකර එකෙක්ට සල්ලි දෙන්න තරම් රනිල් මෝඩයෙක් නොවෙයි.