IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


බදියුදීන්ගේ ව්‍යාපෘති නවතයි

 

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශ මත නවතා දමා ඇත.

මන්නාරම, වවුනියාව, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අනුමැතිය ලබාගෙන තිබිණි. ඉතා ඉක්මනින් සංවර්ධනය විය යුතු බවට අදාළ දිස්ත්‍රික්කවල ජනතාව, ග්‍රාම සංවර්ධන සමිති, සුබසාධන සංගම් සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම් මත පදනම්ව ව්‍යපෘති ආරම්භ කළ බව ඒ පිළිබඳ අදහස් දක්වමින් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා දින අදාළ දිස්ත්‍රික්ක හයේ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මිය මාර්ගෝපදේශ සපයා ඇත්තේ අදාළ ව්‍යපෘති අත් හිටුවන ලෙසත් ඒ සඳහා වෙන්කළ ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකරන ලෙසත්ය.

එලෙස මාර්ගෝපදේශ නිකුත් කරමින් යොමුකළ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මියගේ අත්සනින් යුත් ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගත් තීරණය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කළේදැයි සැකයක් පවතින බවයි.

එසේම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇතැම් පුද්ගලයන් සහ නිලධාරීන් සදාචාර විරෝධීව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි තමන් විශ්වාස කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශයන් අවලංගු කරමින් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.

සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඉඩ ලබා නොදුනහොත් අකැමැත්තෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවත් අදාළ දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන් විශ්වාස කරන බවත් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.

(සන්ඩේ ටයිම්ස්)



අදහස් (12)

බදියුදීන්ගේ ව්‍යාපෘති නවතයි

Harsha Monday, 19 August 2024 10:08 AM

රනිල්ට සහය දුන්නෙ නැත්තං වෙන දේ දැක්ක නෙ

:       109       51

fairoos Monday, 19 August 2024 12:10 PM

දැන් එතකොට ඔබතුමා කපපු ගස් ටික හිටවලා ඉවරද ?

:       7       134

Janahitha Tuesday, 20 August 2024 08:16 AM

ඡන්ද පදනම මත විල්පත්තුව මුස්ලිම් ජනතාවට දුන්නේ බැසිල් සහ පොදු පෙරමුණ අනෙක් අයත් එය කරගෙන ගියා 67 ලක්ෂයක් බහුතරය අනුමැතිය දුන්නා රිෂාඩ් කළේ ජේන් ඒ නැහැ තනියම...

:       0       0

රංබොඩ Monday, 19 August 2024 01:43 PM

පැත්තකට විතරක් බර මේ මිනිසුන් මෙච්ච කාලයක් බලයේ ඉන්නවා. එන එන නායකයා මොවුන්ට හොරා කන්න සහාය දෙනවා. ඒ හොර රංචුවම තමයි මේ පාරත් එහෙට මෙහෙට පණින්නෙ.

:       2       66

සන්ක Monday, 19 August 2024 03:41 PM

අපි නම් සජිත්ට ඡන්දෙ දෙන්නෙ නැත... ඒ ඇයි? සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා

:       2       56

සෙනෙවිරත්න Monday, 19 August 2024 04:26 PM

සන්ක, ඔව් ඔට්ටු කාරයෝ ක්‍රිකට් වලට බැහැලා කියපු අර්ජුනත් ඔට්ටු දාන තිලංගත් සජිත් ළඟ, ටිං ටිං ක්‍රමයට සජිත් ප්‍රශ්න විසඳනවා කියපු පාඨලිත් එයා ළඟ...

:       0       0

Prabha Monday, 19 August 2024 05:45 PM

රනිල් කියන්නේ කවදත් නීතිය ගණන් ගත්තේ නැති කෙනෙක්...!

:       0       0

chandima Monday, 19 August 2024 09:01 PM

විල්පත්තුවේ කැලේ කපන එකත් නැවැත්තුවාද?

:       0       0

විදුර වික්‍රම Monday, 19 August 2024 10:15 PM

ගෙදර වැඩට හිටපු ළමයා ඉබේ ගිනි අරගෙන... මෙයා මෙයාගේ ගෑණි එළියේ.. මාර නීති... එල්ලුම් ගහ මොවුන්ට තමයි...

:       0       0

Sam Gamage Monday, 19 August 2024 11:12 PM

මේ මනුස්සයා ළඟට එන ඕනේම කෙනෙක් ගන්නවනේ... ප්‍රමාණයට වඩා තත්වය බලන්න ළමයා...

:       0       0

Raman Tuesday, 20 August 2024 05:37 AM

බදියුදින්ට මම පොඩ්ඩක්වත් කැමති නෑ. නමුත් මේවා නවත්වනවානම් කළුතර පැත්තේ අලි සබ්‍රි කරන ඒවත් නවත්වන්න. ඔහුට අලුතින් ඇමතිකමකුත් දුන්නා. දැන් වැඩි දවසක් නෑ ඔහුගේ ජනතාව වැඩියෙන් ඉන්න පැත්තේ ඔහුගේ මහ ගෙවල් කිට්ටුව පාරවල් කාපට් කරා. අලි සබ්රිගේ නමත් ගහලා තිබුණා. කළුතර නගරයට දකුණින් තිබෙන වෙට්ටුමකඩ හන්දිය සහ කටුකුරුන්ද ප්‍රදේශ පුරා දැන් අලි සබ්‍රිගේ වැඩ තියෙන්නේ. ඇත්ත රනිල්ට සහාය දක්වන අයට තිබෙන වරප්‍රසාද තමයි මේ. එතකොට මන්නාරම පරිප්පු කන්න ඕනෑ රනිල්ට එරෙහිව යනවාට?

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 07:55 AM

ඔයා රනිල්ගෙන් සල්ලී පාස්කර ගත්තේ රනිල්ට සපොර්ට් කරනවා කියලා පොරොන්දු වෙලාද? මුලින්ම ඒක රටට කියලා ඉන්න. තමන්ට සපොර්ට් නොකර එකෙක්ට සල්ලි දෙන්න තරම් රනිල් මෝඩයෙක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1654 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 636 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 765 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 236 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 572 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 485 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1073 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1451 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 377 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site