
(ප්‍රසාද් රුක්මල් )
ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් තව ටික දිනකින් ජාතික ගීය පක්ෂයේ ගීතය බවට පත්වේවි යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොළඹ දි පැවසීය .
මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් හෙතෙම එසේ කීය . කොළඹ දී පැවති මෙම වැඩමුළුව පැපරල් සංවිධානයේ අනුග්‍රහය මත සංවිධානය කර තිබිණ .
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද පැවසීය .
අපි දේශපාලනඥයින් දිහා බලනවා.ඒ අය නැතිනම් මැතිවරණයක් නෑ..ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා . ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එපා .
දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා .දේශපාලන දර්ශනයක් නැති නිසා මෙවැනි ගැටලු එනවා.
රටේ සංවර්ධන කටයුතු කරගෙන යන්න අපි එපා කියන්නෙ නෑ.පාර හදලා විවෘත කරන එක ගැටලුවක් නොවේ.නමුත් එම අඅවස්ථාවට දේශපාලනඥයින් එන්න ඕනි නෑ.දේශපාලනඥයින් ගේ මැදිහත් වීමක් නැතිව ජනතාවට එම කටයුතු සිදු කරගෙන යන්න පුලුවන් .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම යහපතක් තීරණයක්. එන් පී පිය හැර හැමෝම ජාතික කොඩිය වැනුව.උන් තමයි ජාතිය ආගම නැතිකරන්නෙ කොඩිය වැනුවම හරි කියල හිතනව ඇති.