
(ගයාන් සූරියආරච්චි)
බකමුණු, ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
වැඩ තහනමට ලක්වූ සැරයන්වරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා බකමූණ පොලිසියට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් තිදෙනකු බව පොලිසිය පවසයි.
පොලිස් ත්‍රි රෝද රථයෙන් ඉකුත් (15) වැනිදා මෙම නිලධාරීන් තිදෙනා ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී දඹුලල දම්පුරගම විහාරස්ථානයට හැරෙන් හන්දිය අසලදී වන අලියකුට වෙඩි තබා මරණයට පත්කර තිබුණි.
එහිදී සැකකරුවන් තිදෙනා වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd