IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


’’ජනපති වුණොත් රට ගොඩගන්නවා’’

(නිමල කොඩිතුවක්කු)

රට ගොඩනැගීමේ ශක්තිමත්ම වැඩපිළිවෙළ සහ කණ්ඩායම සමග ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු රට ගොඩනැගීමේ ගමන ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී පැවසීය.

රටට අවශ්‍ය කයිවාරුකාරයින්, සංදර්ශන නොවන  බැවින් කියන දේ කරන කතාව මහපොළොවේ යථාර්ථය බවට පත් කරවන සංවර්ධන යුගය බිහි කරන්න සමගි ජන සන්ධානය කැපවන බවත් ඔහු කීවේය.

රටේ තිබෙන ජරාජිර්ණ වු දේශපාලන සංස්කෘතිවය නැවතිමේ ලකුණ තබා වරදාන වරප්‍රසාද මන්ත්‍රීධුර විකුණන යුගය සමගි ජනබලවේගය රාජයක් තුළ නතර කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ මංගල රැළියට  කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී එක් වෙමින් ඔහු මේ බව පැවසීය. ‘සැමට ජයක් සමගි රටක්‘ යන තේමාවෙන් මෙම රැළිය සංවිධානය කර තිබුණි.



අදහස් (10)

’’ජනපති වුණොත් රට ගොඩගන්නවා’’

ගමේ එකාලා Saturday, 17 August 2024 05:03 PM

ජපන් බාෂාව දන්න එකේ ජපන්නු එක්ක කතා කරලා වෙන්ඩැති...

:       3       8

Saththaya Saturday, 17 August 2024 05:35 PM

ගොඩගන්න එක කෙසේ වුණත් රට හාරන එක නම් කොහොමත් කරයි. ඒකටනේ උපාධියක් තියෙන්නේ.

:       3       11

සෙනෙවිරත්න Saturday, 17 August 2024 05:37 PM

රට නංවන්න කෙසේ වෙතත් හම්බකරගන්න බලාගෙන ඉන්න සෙට් එක නම් ඉන්න බව පේනව. බැඳුම්කර වංචාවක් උනේ නැහැ කියල පොතක් ලියපු සුජීව සේනසිංහ කේවට්ටය වගේ ලඟින් තියාගෙන ඉන්නෙ ඔය කියන රට හදන්නද? , අරෙහෙන් මෙහෙන් පනින ගෙම්බො සේරම ලංකරගෙන එක එකාට පොරොන්දු දිදී දවස ගානෙ ගිවිසුම් ගහන්නෙ රට හදන්නද වරදාන දෙන්නද? රට හදන්න එන එන එකත් එක්ක ගිවිසුම් මොකටද ? මෙයා වැරදිලාවත් දිනුවොත් තාත්තගෙ කාලෙ වගේ නෝනගෙ රැඟුම් වලට අමතරව නංගිගෙ රැඟුම් බලන්නත් වෙන එක සිකුරුයි.

:       5       18

Asrar Saturday, 17 August 2024 05:47 PM

අරයාගෙන් සල්ලි අරන් මෙයාට දෙනව, මෙයාගෙ වැඩ

:       3       14

Pradeep Kumara Saturday, 17 August 2024 05:47 PM

විදෙස් නායකයින් සමඟ ඉංග්‍රීසි බසින් කථා කර, ණය සහ ආධාර ලබාගෙන රට ගොඩ ගන්න වෙන්න ඇති හිතන් ඉන්නේ. අනේ හොඳයි. පුංචි මොළේට තේරෙන හැටිනේ.

:       4       12

මැක්ස් Saturday, 17 August 2024 05:58 PM

රට කුල්ල කුජීත කල යහපාලන කාලේ වගකිවයුතු ඇමතිකම් කල, ජූලී චංග්ට හීල උණු අරගලිස්ට්ස්ලා රට අරාජික කල වෙලේ පැනල දුවපු සජිත් ප්‍රේමදාසට මේ රටට වැඩක් කරන්න පුළුවන් නම් බස්නාහිරින් ඉර පායනු ඇත.

:       3       10

priyanka Saturday, 17 August 2024 05:59 PM

එතකොට රට වළලපු එකා මොකාද?

:       2       6

Isha Saturday, 17 August 2024 06:08 PM

රට හැදෙනකොට රට බාරගන්නවා. රට වැටෙනකොට දුවනවා.

:       3       5

මහසෙන් Saturday, 17 August 2024 06:14 PM

පියාණෝට හේත්තු නොවී නැගිටින්න පුලුවන් වුණු දාට පුතානෝ ට රට ගොඩගන්න පුලුවන් වෙයි. තාම හිතන් ඉන්නේ මේ 70 කාලේ කියලා. කියවන්නේ ජනසවියයි, ගම් උදාවයි ගේනවා කියලා. මෙයාටම හරියන සෙට් එක. රට හදන්න ඉන්නේ. කොච්චර දැඟලුවත් ඔයා ජනපති වෙන් නෑ. යාලේ හරි වෙන කොහේ හරී හොයාගන්න වෙන්නේ මේ පාරත් හැංගෙන්න...

:       3       7

Rata Perata Saturday, 17 August 2024 06:19 PM

ඔය පරණ දේශාභිමානී කතා කියලා ආයෙත් ජනතාව රවටන්න බෑ. හොරු වටේ තියාගෙන පිරිසිදු පාලනයක් හදනවලු. ඉස්සරවෙලාම දුලන්ජලීගෙන් පටන් ගන්න.

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site