සී.බීට ආ විරෝධය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂිකයන්ගේ විරෝධය මතු වි ඇත. 26 October 2024
සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් සිය භාරයට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 26 October 2024
ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය. 26 October 2024
කොට්ටාව නගරයේදී වෑන් රථයක් ගිනි ගනියි කොට්ටාව නගර මධ්‍යයේදී මීට ස්වල්ප මොහොතකට පෙර වෑන් රථයක් ගිනිගෙන ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 26 October 2024
අල්ගම ඔයේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන් නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 26 October 2024
‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 26 October 2024
ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 26 October 2024
විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක් රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 26 October 2024
අපේ අය තව 61ක් ඊශ්‍රායලයට ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 2447ක් ඊශ්‍රායල් බලා පිටත්ව ගොස් තිබේ. 26 October 2024
ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැලීමේ ත්‍රිපුද්ගල කමිටුව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා කරුණු විමසා ඇත. 26 October 2024
මහ ඡන්දයට වෙනත් දිනයක්? පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 26 October 2024
අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 October 2024
ඇල්පිටිය පුංචි ඡන්දය දැන් පැවැත්වේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ මැතිවරණය අද පැවැත්වේ. 26 October 2024
සැක මෝටර් රියක් මහරගම දමා ගිහින් මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී සොයාගත් බව මහරගම පොලිසිය කියයි. 26 October 2024
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර ඉරානය ඊශ්‍රායලයට පසුගිය 1 වැනිදා එල්ල කළ මියසිල ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් අද(25) එල්ල කළේය. 26 October 2024
දහසක අල්ලස් දෙන්න ගිහින් මාට්ටු උසාවිය බාරයේ ඇති ලොරියක නඩු කටයුතකට අදාළව සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකාවකට රුපියල් 1000/-ක අල්ලසක් දීමට උත්සහ කළ පුද්ගලයෙක් අම්පාර පොලිසියේ නිලධාරීන් විසින් අද සැකපිට අත්අඩංගුව ගන්නා ලදී. 25 October 2024
‘‘රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා‘‘ රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය. 25 October 2024
පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියැදුරා රිමාන්ඩ් නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති පොලිස් ආරක්ෂක අංශයේ පොලිස් රියදුරකු ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඔහුගේ රියදුරු බලපත්‍රය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමටද නියම කළේය” 25 October 2024
ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේ විදුලිසැර වැදුණු හය හැවිරිදි දරුවෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී අද (25) පස්වරුවේ මිය ගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි. 25 October 2024
‘‘අසාධාරණ ලාභ ලබන්න කිසිම ව්‍යාපාරිකයකුට ඉඩ දෙන්නේ නෑ‘‘ සහල් පාලන මිල වැඩි කරමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති සාකච්ඡාවකදී පැවසීය. 25 October 2024
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණයට ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවයි කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් උන්වහන්සේගේ නමින් ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටු විමට විහාරස්ථ දායක සභාව තීරණය කර ඇත 25 October 2024
යුරෝපා සංගම් තානාපතිවරු ජනපති හමු වෙති සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලංකා රජය සියලු පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්රමුඛ යුරෝපා සංගමයේ (EU) තානාපතිවරු හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(25) පැවසීය. 25 October 2024
ඉරාන තානාපති ජනපති හමු වෙයි ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 25 October 2024
දේශපාලනය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට සියයටවිස්සක් දක්වා අඩුවී ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.. 25 October 2024
නවසීලන්ත සංචාරකයන් 50000ක් ගේන්න තානාපතිගෙන් පොරොන්දුවක් වසරකට නවසීලන්ත සංචාරකයන් පනස්දහසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සහාය ලබාදෙන බව නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද (25) පැවසීය. 25 October 2024
ආරක්ෂාව ගැන ගුවන් සේවා සමාගමෙන් නිවේදනයක් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 25 October 2024
බණ්ඩාරවෙල පාරට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා පස්සර ඇල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගසක් අද (25) පස්වරුවේ කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ත්‍රීරෝද රථයකටත් අලාභහානි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 25 October 2024
සහල් මිලට කඩිනම් විසැඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස් සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට අද උපදෙස් දුන්නේය. 25 October 2024
ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩ එයි ලියාදිංචි නොකළ වාහනයක් පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගරගත කර සිටින පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (25) පෙරවරුවේ පැමිණීයේය. 25 October 2024
දෙමටගොඩදී දුම්රියේ ගැටී සිසුවෙක් මරුට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියෙන් වැටී පාසල් සිසුවකු මියගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි. 25 October 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026