
(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පැය හතරකට ආසන්න කාලයක් සාක්‍ෂි සහිත ප්‍රකාශයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන් බව එහි පැමිණළිකරු වන සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා අද (31) පැවසීය.
සංජය මහවත්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ප්‍රකාශය දීමෙන් පසුව අද (31) පස්වරුවේ මාධ්‍යයට එසේ පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කීපදෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බවත් සියලුම තොරතුරු විශාල ලිපිගොනුවක් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවත් ඒ මහතා කීය.
එක්තරා කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන්කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි යොමුකර කඩාකප්පල්කාරී ක්‍රියාවලියක ද නිතර වූ බව කී මහවත්ත මහතා පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ තොරතුරු වසන්කිරීමත් වදරක් වීම නිසා ඔවුන්ට ද දඩුවම් ලැබෙනු ඇති බවත්ය.
මෙම අනතුර සහ අලාභය පිළිබඳව තොරතුරු වසම් කිරීමට සම්බන්ධ ඉජිනේරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු ද සී.අයි.ඩී.යට දුන් බව කී මහවත්ත මහතා වර්තමාන ආණ්ඩුව කතානායකවරයා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට මෙම සිද්ධියේ ප්‍රධාන චෝදනා ලාභියා වන වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂගණක හේමචන්ද්‍ර මහතා සම්බන්ධයෙන් ද කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මහවත්ත මහතා කීය.
ත්‍රිකුණාමල වාරයේ හිටපු නේවාසික කළමණාකරු වන ගණක හේමචන්ද්‍ර මහතා ‘ජයිකා’ ආධාර යටතේ ලැබුණු රුපියල් කෝටි 25 ක් පමණ වටිනා යාත්‍රාවක් පුද්ගලික චාරිකාවක් සඳහා යොදාගෙන අනතුරට පත්කළ බවත් එම අනතුරෙන් රජයට රුපියල් කෝටි 25 ක පමණ ආලාභයක් වූයේ යැයි පැමිණිළි කර තිබූ බවත් සංජය මහවත්ත මහතා වැඩි දුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 25ක යාත්‍රා අනතුර ගැන මහවත්තගෙන් පැය 4ක ප්‍රකාශයක්