
(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කස්තුරි)
විනිසුරුවරියට ගෞරවාන්විතව ආමන්ත්‍රණය නොකිරීම සහ අධිකරණයට ඇතුළු වීමේදී හිස නමා ආචාර නොකළ බවට චෝදනා ලැබ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවනදුරුගොඩ මහත්මිය විසින් රිමාන්ඞ් භාරයට පත් කල නීතිඥවරිය වහාම මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාග කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටියක් ඇතත් නීතිඥවරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමේදි මහාධිකරණ විනිසුරුවරිය එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් දැක්වු කරුණු සැළකිල්ලට ගත් විශේෂ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ නීතිඥවරිය වහාම මුදාහැරීමට මෙලෙස නියෝග කළේය.
පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය නියම කළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් රිමාන්ඞ් භාරයට පත් කරන ලද පුත්තලම මහාධිකරණයේ නීතිඥවරියක වශයෙන් කටයුතු කරන ප්‍රියංකා උදයාංගනී සමරතුංග මහත්මිය වහාම මුදාහැරීමට නියම කළ අභියාචනාධිකරණය අප්‍රේල් 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලමෙන් රිමාන්ඩ් කළ නීතිඥවරිය අභියාචනාධිකරණයෙන් මුදා හරියි
Hafiz Monday, 31 March 2025 06:06 PM
ඕක සාමාන්‍ය මනුස්සයෙක්ට වුණා නම් බලන්න තිබ්බා කලු කෝට් කාරයොයි, විනිසුරුවරුයි කරන හැටි...!
athula kMonday, 31 March 2025 08:10 PM
ඔබ හරියටම හරි...!
Perera Tuesday, 01 April 2025 05:11 AM
මහ අධිකරණයෙන් දීලා තියෙන තීන්දුව පළිගැනීමේ චේතනාවෙන් දුන් එකක් නම්, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අගවිනිසුරුතුමන්ට ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකිය.