කුඩා කාලයේ කේට් කුමරියට සැත්කමක් කරලා කේට් කුමරිය, යොවුන් දැරියක කාලයේ, ඇගේ හිසේ සැත්කමක් සිදු කර ඇති බවත්, හිසේ ඇති වුණු ගැටිත්තක් එම සැත්කමින් ඉවත් කෙරුණු බවත් මාධ්‍ය වාර්තා කරයි. 01 August 2024
අලවංගුවෙන් ගසා මස්සිනා මරලා උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඔහුගේ මස්සිනා විසින් අලවංගුවකින් පහරදි අද (01) අලුයම ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 01 August 2024
පළාත් කිහිපයකට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 August 2024
ත්‍රි‘මල මන්ත්‍රීත් රනිල් සහායට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ලෙස තමන් ද ඉදිරිපත් වී සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී කපිල නුවන් මහතා අතුකෝරල මහතා පවසයි. 01 August 2024
ඊශ්‍රායලයට පහර දෙනු ! කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ. 01 August 2024
කංජිපානි - ලොකු පැටී අත්අඩංගුවට? කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 01 August 2024
පොහොට්ටු අපේක්ෂකයාට ප්‍රජාතන්ත්‍රවාදීව සලකන්න රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 July 2024
ටිරාන්ට මරණ තර්ජන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගය කියයි. 31 July 2024
පොහොට්ටුවෙන් තව පිරිසක් රනිල්ට පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. 31 July 2024
බාලදක්ෂයන් රටේ ඉදිරි ගමනට එක් කර ගන්නවා බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 July 2024
කඩු පහරින් වෙන් වු අතේ කොටසද දමා තරුණයා පැන ගිහින් මාරවිල පහල වලහපිටියේදී දෙපිරිසක් ඇතිවු ගැටුමක් අතරතුරදී එල්ලවු තියුණු කඩු පහරකින් ගැටුමට මැදිවු තරුණයකුගේ අතක් මැණික් කටුව අසළින් වෙන්වි ඇති බවත්, අතෙහි එම කොටසද ගැටුම වු ස්ථානයේ දමා තුවාල කරු පැන ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි. 31 July 2024
විමල්ට එරෙහි නඩුවක නීති උපදෙස් සඳහා දින දෙයි රජයට අයත් වාහන අයථා පරිහරණය තුළින් ලක්ෂ 90 ක පමණ පාඩුවක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (31) නියෝග කළේය. 31 July 2024
ශ්‍රිලනිපයත් ජනපතිට ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම කාරක සභාව දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 31 July 2024
චීන ජාතිකයින් 22 රැදීසිටි හෝටල් කාමරයකට මුද්‍රා පරිගණක අපරාධයක් සිදුකලැයි ඇතිවූ සැකය මත චීන ජාතිකයින් 22 ක් ලැගුම් ගෙන සිටී කළුතර ට ආසන්න හෝටලයක කාමරයකට මුද්‍රාතබා හෝටලයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි. 31 July 2024
සැත්කමක් සඳහා ශාරුක් ඇමෙරිකාවට මුම්බායි නගරයේ රෝහලකදී බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ඇසෙහි සිදුකළ ශල්‍ය කර්මයක් වැරදී ඇති බවත් ඉන් ඇසට සිදුවූ හානියට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු ඇමෙරිකාව බලා වහා පිටත්ව ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 31 July 2024
ඉරාන අර්බුදයෙන් ලංකාවට විය හැකි බලපෑම් සොයන්න කමිටු තුනක් ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 3ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. 31 July 2024
පාන් මිල - බර ගැන ඇමතිවරයා දැඩි තීරණයක පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 31 July 2024
බන්ධනාගාර නිලධාරියා අයිස් එක්ක මාට්ටු වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු සතුව තිබී අයිස් යැයි සැක කල හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් අද (31) අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 31 July 2024
පොලිස්පති අවුලෙන් සහන දිනයත් නවතී පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය නොවැලැක්විය හේතුවක් හේතුවක් මත අනිද්දා (2) නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි. 31 July 2024
උද්ධමනය තවත් ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස සමස්ත උද්ධමනය සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.5 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. 31 July 2024
තැපැල් ඡන්ද අයඳුම් කිරීම 5දා දක්වා එළඹෙන ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයන්ට ලබන මස 5 වැනිදා දක්වා අයදුම්පත් යොමුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. 31 July 2024
නාමල් පිලේ මැති ඇමැතිලා එළියට විසිවේ? ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණයේ සිටින මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 31 July 2024
රනිල්ට උදව් කරන මන්ත්රීලාට වැඩ වරදී ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන සියලුම මන්ත්‍රීවරුන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත. 31 July 2024
පළාත් සභා හිටපු මහජන නියෝජිතයෝ 116කගේ සහය ජනපතිට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116 ක් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි. 31 July 2024
කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයයි කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන මායිම ආරම්භ වෙන ස්ථාණයේ නායයෑම් සහිත ස්ථාණයක බැම්මක් සකස් කිරිමට යැමේදි යළිත් මාර්ගයේ කොටසක් නායයෑමට ලක්ව ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ නිළධාරියෙකු පැවසිය. 31 July 2024
පොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය. 31 July 2024
ප්‍රසන්නගෙන් මහින්දට ලියුමක් පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් පවසා ඇත. 31 July 2024
ප්‍රංශ ජනපතිගේ ‘ආදරණීය හාදුව’ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් ප්‍රංශ සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, ජනාධිපති මැක්රොන් සහ ප්‍රංශ ක්‍රීඩා ඇමැතිනී ඕඩියා කැස්ටෙරා අතරේ සිදුවුණු ‘ආදරණීය’ හාදුවක් නිසාය. 31 July 2024
ක්වාසි විනිසුරු අල්ලස් දැලේ කාන්තාවකගෙන් රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි 31 July 2024
දූෂණ විරෝධී පනතට තරුණ මන්ත්‍රීවරයෙක්ගෙන් බාල්දියක් දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 31 July 2024
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025