
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව, රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් සියයට 50ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
ලංකා සතොස මඟින් ආවරණය නොවන ප්‍රදේශයන්හි සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් (COOPFED) මගින් පැකේජය නිකුත් කරනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
අස්වැසුම ප්රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් අටලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් තුනක් (812,753) සඳහා මෙම විශේෂ වට්ටම හිමි වේ.
අප්‍රේල් 1 වන දින සිට ආරම්භ වන මෙම වැඩසටහන අප්‍රේල් 13 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක අතර මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙතම හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය කියයි.
මුදල් අමාත්‍යාංශය, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව සහ සමූපකාර අලෙවිසැල් ජාලය හා එක්ව “සතුටින් සතොසින්” තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ
COMMENTS
මේවා ඡන්ද අල්ලස් නොවෙයිද? කෝ මාලිමාවුන් පොරොන්දු වුණු සාධාරණත්වය? දැන් මිනිස්සුන්ගේ හැඟීම් අවුරුදු උත්සවය විකුණලා මේක දේවි, මොකක් හරි තහනම් නියෝගයක් දැම්මත් එකත් විකුණයි... විපක්ෂය නිසා දෙන්න බැරි වුණා කියලා, මේ වගේ ඉතා පහත් දේශපාලනයක්, පුදුමයකුත් නොවෙයි මොවුන්ගේ ලේ ගෑවුණු තක්කඩි ඉතිහාසය දන්නා කෙනෙක්ට...
කෝ අර මැතිවරණ කොමසාරිසුයි ඒ කොමිසමේ සභාපතියි අර වාචාල කටයි තුන්දෙනා ? මොවුන් ඒ දවස්වල හැම දේටම රෙද්ද උස්සාගෙන තහනම් නියෝග දුන්නේ මොකද කියලා දැන් පැහැදිලියි නේද? කොන්දක් තියේ නම් දීපල්ලකෝ මේවටත් තහනම් නියෝග...
ගුණරත්න, දේවාලේ කපුවගේ පුතා ගැන අහලා නැද්ද? අනතුරු ඇඟවීමේ නිලධාරියෙක් ඔයාගේ ගෙදරටත් එවන්නද?
මහන්සි වෙලා වැඩකරන මිනිස්සුන්ගෙන් බදු මුදල් අරං මොනවද මේ ඔයගොල්ලෝ කරන්නේ? මිනිස්සුන්ට වාහන දෙනවා කීවා. මිනිස්සුන්ට කෙසේ වෙතත් ඔය ගොල්ලන්ට නම් දැන් වාහනයක් තියෙනවා අඩුගානේ එදිනෙදා ගමන් ටික යන්න හරි. අපේ ගම්වල වැඩ කරන්න පුලුවන් සිය ගාණක් මිනිස්සු නිකන් අස්වැසුම ගන්නවා. හොඳට හම්බ කරන අය අස්වැසුම ගන්නවා. මේවායින් වෙන්නේ ඔය ගොල්ලෝ සමාජ වෛරයට පත් වෙන එක. ඒක නවත්තන්න බැහැ. ඒ නිසා අස්වැසුම දෙන අයගේ නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කරන්න. ඒක ගමේ තැන් තැන් වල අලවන්න. මොකද ඔය ගොල්ලන් දෙන්නෙ මහජන බදු මුදල්. අපේ ගමේ හොඳ හොඳ සල්ලි කාරයෝ මේ අස්වැසුම ගන්නවා. ඒ ගොල්ලෝ දැන් ප්‍රසිද්ධ ජේවීවී කාරයෝ. ඇත්තටම අස්වැසුම වගේ දේවල් දෙන්න ඕනේ හරි හම්බ කර ගන්න බැරි මිනිස්සුන්ට. මම හිතනවා ඔය ගොල්ලෝ අරගොල්ලන්ට වඩා කලිං ජනතා අප්‍රසාදයට පත් වේවි කියලා. ඒක නිසා බොහෝම පරිස්සමෙන් වැඩ කරන්න. වාචාලකමට කථා කළාට බුද්ධියක් ජනතාව එය අයට තිබෙන පිළිගැනීම දැන් ටිකක් අඩුවෙලා තියෙන බව හොඳින් මතක තියා ගන්න...
පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී ඊට පෙර සිටම ආරම්භකර රජයෙන් ලබාදෙමින් පැවතුණු "අස්වැසුම" ඔප්පු ලබාදීම පවා මැතිවරණ අල්ලස් ලබා දෙනවා කියා මැතිවරණ කොමිසම මගින් නවතා දැමුවා වගේ මතකයි. "කොමිසම නිහඬයි"
ජනාධිපති මැතිවරණයට පෙර සජිත්ගේ සක්වල වැඩසටහන මුලින්ම මැතිවරණ කොමිසමෙන් නතර කෙරෙව්වා. ටිකක් පහුවෙලා රනිල් කරන්න ගිය සහනාධාර වැඩසටහන් නතර කෙරෙව්වා. ඉතින් මේවාත් එතකොට මැතිවරණ නීතිවලට විරුද්ධ නැද්ද? අවුරුද්ද එනවා තමයි. ඒත් සාධාරණය ගැන කතා කරන්න ගියාම මොන පක්ෂයට වුණත් එක විදිහටම වැඩේ කරන්න ඕනෑ. මේ හැඳි දෙකක්....
අනිවාර්යයෙන් දැකපු ගමන් මටත් හිතුණේ ඒකමයි. ඡන්දෙට කලින් කැකුලු හාල් බෙදලා හාල් නෑ කියපු, සිල් රෙදි සහ තව නොයෙක් දේ ගැන හූල්ලපු අය මේවාද කරන්නේ? හරි.. ! රට පාලනය කරන්නේ ඒකේඩී නොවෙයි පැලවත්ත සමාගමනේ. ඒ ගොල්ලෝ මේවා එපා කියලා නැතිව ඇති...