IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජපුර විශිෂ්ටයෝ සම්මාන ලබති

(යොහාන් භාසුර)

විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පොදුජන ජනතාවට විවෘත වුයේ ශ්‍රී ලංකාවේ දෙවැනි විශ්වවිද්‍යාලය ලෙස වර්තමාන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බිහිවීමත් සමඟ බවත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධානය කළ ‘ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප 2025’ විද්වත් අභිනන්දන සම්මාන ප්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සභාගිවෙමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එසේ පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්‍රධානත්වයෙන් ‘ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප 2025’ විද්වත් අභිනන්දන සම්මාන සිවුවැනි පියවර කොළඹ වෝටර්ඒජ්හිදී පැවැත්විණි.

මෙරට නව සමාජීය, සංස්කෘතික සහ දේශපාලන පුනරුදයකට ප්‍රවේශ වෙමින් සිටින බවත් මෙරට සමාජ සහ සංස්කෘතික පුනරුදය ගැන කථා කරන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙරට එක යුගයක පුනරුදයේ ව්‍යාපෘතියට කටයුතු කළ ස්ථානයක් ලෙස සැළකිය හැකි බවත් කතානායකවරයා කීය.

මෙරට විශ්වවිද්‍යාල පිහිටුවීමට එවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී මාස කීපයක් ගතවීමට පෙර විදෝ‍යා්දය පිරිවෙන මාස කීපයක් ගතවීමට පෙර විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ට හැකියාව ලැබුණු බවත් එම විශවවිද්‍යාලයෙන් ශ්‍රී සෝරත නාහිමියන් බලාපොරොත්තු වූ තර්ක සහ සංවාද කරන නව අදහස් ඇති විද්‍යාර්ථයන් පිරිසක් බිහිවූ බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහිවූ විද්‍යාර්ථයන් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවනරු ලෙස සිටින බවත් ඔවුන් රට හොඳ දිශානතියකට ගෙන යෑමට වෙරදරන පිරිසක් වීම එම විශ්වවිද්‍යාලයට ආඩම්බරයක් බවත් කී කතානායකවරයා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන් ඇගයීමට ලක්කරන එකම විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධදනපුර විශ්ව විද්‍යාලය වීම නිසාම මෙම සම්මාන ප්‍රදානය වඩාත් වැඳගත් අවස්ථාවක් බවට පත්වන බව ද සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනයෙන් මානව ප්‍රගමනයට හේතුවන ආකාරයට යොදාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හොඳ නිදසුනක් බවත් නිදහස් අධ්‍යාපන ප්‍රතිලාභ රටට ගෙන ඒමට කටයුතු කිරීම අගයකළ යුතු බවත් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ප්‍රධාන දේශනය කරමින් පැවසුවේ 1979 වසරේදී විද්‍යෝදය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වව්‍යාලය බවට පත්වූ බවත් ඉදානනීන්තනයෙහි මානවශාස්ත්‍ර සමාජ විද්‍යා, කළමණාකරණ වාණිජ විද්‍යා, වෛද්‍ය විද්‍යා, පශ්චාද් උපාධි ඉංජිනේරු, තාක්‍ෂණවේදය, දන්ත විද්‍යා ආදි ලෙස පිඨ 11 කින් සුසැදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දේශීය පදනමක සිට ගෝලීය නිපුණශීලී ප්‍රඥාසම්පන්න පුරවැසියන් විද්වතුන් බිහිකරන බවත්ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ගාමිණී සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළ ‘ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප 2025’ උළෙලේදී ලාෆ් පෞද්ගලික සමූහයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය, ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්වරු ‘සුවිශේෂී ගෞරව ප්‍රසාදය’ සම්මාන ලැබූහ.

කිතලගම හේමසාර නාහිමි සහ ආචාර්ය ඇත්කඳවල සද්ධාජීව හිමි ‘භික්‍ෂූන්වහන්සේගේ කාර්යසාධනය’ යටතේ සම්මාන ලැබූහ.

‘දේශපාලනයේ නව ප්‍රවේශය’ යටතේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරු ද, ‘අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනර්ඝ ප්‍රතිඵල’, ‘රටට හිතැති පරිපාලනය’, ‘ව්‍යවසායකත්වයේ සාර්ථක ඵලදායිතාව’, ‘ගුණ නුවණින් යුතු සජීව කළමනාකරණය’ සහ ‘නන් විසිතුරු මග සලකුණු’ යන කාණ්ඩ යටතේ එම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් 60 කට අධික පිරිසක් සම්මාන ලැබූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර සහ එහි ජාතික සංවිධායක පියල් පත්මනාථ යන මහත්වරු ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කළහ.

ඡායාරූපය:

ඉසුරු පෙරේරා

 



අදහස් (1)

ජපුර විශිෂ්ටයෝ සම්මාන ලබති

Lalla Sunday, 30 March 2025 08:46 AM

ඉස්සර තිබුනේ ලංකා විශ්ව විද්‍යාලය සහ ඒ යටතේ තිබුන එක එක මණ්ඩප.පේරාදෙණිය කොළඹ විද්‍යාලංකාර වගේ. ඒවාත් සාමාන්‍ය ජනතාවට නොවේද අධ්‍යාපනය දුන්නේ....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 767 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2408 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site